2026 බදුල්ල දිස්ත්රික් පාසල් වයස අවුරුදු 16න් පහළ බාලිකා හාඩ් ටෙනිස් බෝල් ක්රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට බණ්ඩාරවෙල මධ්ය මහා විද්යාලයීය කණ්ඩායම සමත්ව තිබේ.
ශ්රී ලංකා පාසල් ක්රිකට් සංගමය සහ බදුල්ල දිස්ත්රික් ක්රිකට් සංගමය එක්ව සංවිධානය කළ මෙම තරගාවලිය ඔක්තෝබර් 19 සහ 20 යන දිනවල බදුල්ල ක්රිකට් ක්රීඩාංගණයේදී පැවැත්විණි. පාසල් කණ්ඩායම් 10ක් ඊට එක්වූ අතර, තරගාවලිය ලීග් ක්රමයට පැවැත්වුණි.
ලීග් වටයේදී වැඩිම ජයග්රහණ වාර්තා කළ බණ්ඩාරවෙල මධ්ය මහා විද්යාලයීය කණ්ඩායම සහ බදුල්ල සිරිසුමන මහා විද්යාලයීය කණ්ඩායම අවසන් මහා තරගයට සුදුසුකම් ලැබූහ. එහිදී සිරිසුමන මහා විද්යාලය පරාජය කරමින් ශූරතාව දිනා ගැනීමට බණ්ඩාරවෙල ක්රීඩිකාවෝ සමත් වූහ.
ජයග්රාහී කණ්ඩායම සමඟ බණ්ඩාරවෙල මධ්ය මහා විද්යාලයේ ක්රීඩා භාර ආචාරිනී දිනූෂා මනතුංග මහත්මිය සහ බදුල්ල දිස්ත්රික් පාසල් ක්රිකට් සම්බන්ධීකරණ නිලධාරී පූජිත පීලිපොත මහතා ද ඡායාරූපයේ සිටින බව වාර්තාවේ සඳහන් වේ.













