ශ්රී ලංකාවේ ණය නිකුත් කරන්නන්ගේ සාපේක්ෂ ණය ගෙවීමේ හැකියාවෙහි සිදුව ඇති වෙනස්කම් පිළිබිඹු කිරීම සඳහා ජාතික ණය ශ්රේණිගත කිරීමේ පරිමාණය නැවත සකස් කළ බව Fitch Ratings ආයතනය නිවේදනය කර තිබේ.
2026 සැප්තැම්බර් 22 වැනිදා ශ්රී ලංකාවේ දිගුකාලීන දේශීය මුදල් ණය ශ්රේණිගත කිරීම (Long-Term Local-Currency IDR) ‘CCC+’ සිට ‘B-’ මට්ටම දක්වා ස්ථාවර ඉදිරි දැක්මක් සහිතව ඉහළ නැංවීමෙන් අනතුරුව මෙම පියවර ගෙන තිබේ.
මෙම පරිමාණය නැවත සකස් කිරීම හේතුවෙන් ශ්රී ලංකාවේ ජාතික ශ්රේණිගත කිරීම් ලබා ඇති ඇතැම් ආයතනවල ශ්රේණිගත කිරීම් ද සංශෝධනය වීමට ඉඩ ඇති බව Fitch ආයතනය සඳහන් කරයි. අදාළ සංශෝධිත ශ්රේණිගත කිරීම් ඉදිරියේදී ප්රකාශයට පත් කිරීමට නියමිතය.
ජාතික ණය ශ්රේණිගත කිරීමේ පරිමාණයන් මඟින් දේශීය ආයෝජකයන්ට ආයතන අතර ණය අවදානම් සාපේක්ෂව හඳුනා ගැනීමට සහ ඇගයීමට අවස්ථාව සැලසේ.
ශ්රී ලංකාවේ ජාතික ණය ශ්රේණිගත කිරීම් සඳහා ‘(lka)’ යන සංකේතය භාවිත වන අතර, එම ශ්රේණිගත කිරීම් ජාත්යන්තර ශ්රේණිගත කිරීම් හෝ වෙනත් රටවල ජාතික ශ්රේණිගත කිරීම් සමඟ සෘජුව සැසඳිය නොහැකිය.













