මාතර දිස්ත්රික්කයේ වැලිපිටිය ප්රදේශයේ පැනෑටියන සද්ධාතිස්ස විද්යාලය අසල සිට බරවදෙණිය දක්වා දිවෙන මාර්ගයේ සංවර්ධන කටයුතු ආරම්භ කර තිබේ.
ප්රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්යාංශය ක්රියාත්මක කරන ග්රාමීය මාර්ග සංවර්ධන වැඩසටහන යටතේ මෙම ව්යාපෘතිය සිදු කෙරේ. ඒ සඳහා රුපියල් මිලියන 160කට ආසන්න මුදලක් වැය කිරීමට නියමිත අතර, කිලෝමීටර් 3ක මාර්ග කොටසක් කාපට් අතුරා සංවර්ධනය කිරීමට සැලසුම් කර ඇත.
දැනට අඩි 8ක පළලින් යුත් මාර්ගය අඩි 10ක් දක්වා පුළුල් කිරීමට ද නියමිතය. මීට වසර 30කට පමණ පෙර කොටස් වශයෙන් සංවර්ධනය කර තිබූ මාර්ගයේ ඇතැම් ස්ථාන මේ වන විට අබලන් වී ඇති බැවින්, එම කොටස් ද ඇතුළුව මාර්ගය සම්පූර්ණයෙන් සංවර්ධනය කිරීමට සැලසුම් කර තිබේ.
මෙම ව්යාපෘතියෙන් පවුල් 250කට අධික සංඛ්යාවකට සෘජු ප්රතිලාභ සැලසෙනු ඇතැයි අපේක්ෂා කෙරේ. මාර්ග සංවර්ධන අධිකාරියේ අධීක්ෂණය යටතේ ක්රියාත්මක වන ව්යාපෘතිය සඳහා වැලිගම ප්රාදේශීය සභාවේ සහ වැලිපිටිය ප්රාදේශීය ලේකම් කාර්යාලයේ සහාය ද හිමි වේ.
ව්යාපෘතිය ආරම්භ කිරීමේ අවස්ථාවට බලශක්ති නියෝජ්ය අමාත්ය අර්කම් ඉල්යාස් මහතා ඇතුළු රාජ්ය ආයතන නිලධාරීන් සහ ප්රදේශවාසීන් පිරිසක් සහභාගි වූ බව මාතර දිස්ත්රික් මාධ්ය ඒකකය සඳහන් කරයි.













