මාතලේ දිස්ත්රික්කයේ දේශීය පාරම්පරික වෛද්ය ක්රම සුරක්ෂිත කිරීම සහ එම වෛද්යවරුන්ගේ වෘත්තීය ගෞරවය ආරක්ෂා කිරීමේ අරමුණින් දිස්ත්රික් ආයුර්වේද සංරක්ෂණ සභාව පිහිටුවා තිබේ.
මාතලේ දිස්ත්රික් ලේකම් ප්රසන්න මදනායක මහතාගේ ප්රධානත්වයෙන් මෙම සභාව පිහිටුවීම පසුගියදා සිදු විය.
දේශීය වෛද්ය උරුමය ආරක්ෂා කරමින් පාරම්පරික වෛද්ය ක්රම ඉදිරියට පවත්වාගෙන යාමට මෙවැනි වැඩපිළිවෙළක් දායක වනු ඇතැයි අපේක්ෂා කෙරේ.












