දැදුරු ඔය, කලා ඔය සහ නිල්වලා ගඟ ආශ්රිතව නිකුත් කර තිබූ ගංවතුර අනතුරු ඇඟවීමේ නිවේදන ඉවත් කිරීමට වාරිමාර්ග දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.
අදාළ ගංගා ද්රෝණිවල ජල මට්ටම් මේ වන විට සාමාන්ය තත්ත්වයට පත්වීම හේතුවෙන් මෙම තීරණය ගත් බව දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
කෙසේ වෙතත්, දිවයින පුරා පවතින වර්ෂාපතන තත්ත්වය අනුව ගංගාවල ජල මට්ටම් වෙනස් විය හැකි බැවින්, වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්යා හා ආපදා කළමනාකරණ අංශය ඒ පිළිබඳව අඛණ්ඩව නිරීක්ෂණය කරමින් සිටියි.
ඉදිරියේදී ගංවතුර අවදානමක් මතුවුවහොත් ඒ පිළිබඳව ජනතාවට පූර්ව දැනුම්දීම් නිකුත් කිරීමට අවශ්ය කටයුතු සූදානම් කර ඇති බව ද දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දැනුම් දෙයි.













