ගාල්ල දිස්ත්රික්කයේ යක්කලමුල්ල ප්රාදේශීය ලේකම් කොට්ඨාසයේ ඉදිකළ නිවාස 24ක් ප්රතිලාභීන් වෙත පිරිනැමීම සිදුකර තිබේ.
ඉන්දීය රජයේ මූල්ය ආධාර මත ඉදිකළ මෙම නිවාස ප්රතිලාභීන් වෙත භාරදීම ශ්රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් සන්තෝෂ් ජා මහතාගේ ප්රධානත්වයෙන් සිදුකෙරිණි. එම අවස්ථාවට අමාත්ය සුසිල් රණසිංහ මහතා සහ පාර්ලිමේන්තු මන්ත්රී තිලංක යූ. ගමගේ මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
මේ අතර, පොළොන්නරුව දිස්ත්රික්කයේ වැලිකන්ද කටුවන්වල ගම්මානයේ අඩක් ඉදිකර ඇති නිවාස සම්පූර්ණ කර ගැනීම සඳහා ප්රතිලාභීන් 25 දෙනෙකුට රුපියල් මිලියන 17ක මූල්ය ආධාර චෙක්පත් ප්රදානය කර තිබේ.
ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ මූල්ය ප්රතිපාදන යටතේ ලබාදුන් මෙම චෙක්පත් ප්රදානය නියෝජ්ය අමාත්ය ටී. බී. සරත් මහතාගේ ප්රධානත්වයෙන් පොළොන්නරුව දිස්ත්රික් ලේකම් කාර්යාලයේදී සිදුකෙරිණි.
අදාළ පවුල්වල ජනතාව ඉදිරි මාස දෙක ඇතුළත සම්පූර්ණයෙන් ඉදිකළ නිවාසවල පදිංචි කරවීම මෙම වැඩසටහනේ අරමුණ වන අතර, සියලු ඉදිකිරීම් ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ අධීක්ෂණය යටතේ සිදුකිරීමට නියමිතය.













