රාජ්ය ආයතන 34ක් වසා දැමීමට මුදල් අමාත්යාංශය තීරණය කර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.
බත්තරමුල්ලේ පැවති රජයේ මිනින්දෝරු දෙපාර්තමේන්තු සංගමයේ වාර්ෂික මහා සභා රැස්වීමට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.
අදාළ රාජ්ය ආයතන වසා දැමීම සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා කමිටුවක් ද පත් කර ඇති බව ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්රකාශ කළේය.
එමෙන්ම, රට තුළ ඇති විය හැකි ආර්ථික කම්පනවලට මුහුණ දීම සඳහා ප්රමාණවත් රුපියල් සංචිත පවතින බවද අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේය.












