සබරගමුව විශ්වවිද්යාලයේ නව කුලපතිවරයා ලෙස මොලගොඩ, කොටමුදුන්ගල රජමහා විහාරාධිපති, අග්ගමහා පණ්ඩිත ජ්යෙෂ්ඨ මහාචාර්ය පූජ්ය ගල්ලෑල්ලේ සුමනසිරි හිමියන් පත් කර තිබේ.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් මෙම පත් කිරීම සිදුකර ඇති අතර, ඊට අදාළ පත්වීම් ලිපිය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා විසින් අද (23) පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී උන්වහන්සේ වෙත පිළිගන්වා ඇත.
ජ්යෙෂ්ඨ මහාචාර්ය ගල්ලෑල්ලේ සුමනසිරි හිමියන් මීට පෙර ශ්රී ලංකා රජරට විශ්වවිද්යාලයේ සහ ශ්රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්යාලයේ උපකුලපති ධුරයන්හි කටයුතු කර තිබේ.
උන්වහන්සේ කැලණිය විශ්වවිද්යාලයෙන් බෞද්ධ දර්ශනය පිළිබඳ විශේෂවේදී ප්රථම උපාධිය ලබාගෙන ඇති අතර, එම විශ්වවිද්යාලයෙන් දර්ශනපති උපාධියද හිමිකරගෙන තිබේ. ඉන් අනතුරුව ඉන්දියාවේ දිල්ලි විශ්වවිද්යාලයෙන් දර්ශනපති උපාධිය සහ දර්ශනසූරී ආචාර්ය උපාධිය ලබාගෙන ඇත.
මීට අමතරව, බීජිං විශ්වවිද්යාලයෙන් චීන භාෂාව පිළිබඳ උසස් ඩිප්ලෝමාවක්ද උන්වහන්සේ හදාරා තිබේ.













