කොළඹ විහාරමහාදේවි උද්යානයේ සත්යග්රහයේ නිරත භික්ෂූන් වහන්සේලා ඇතුළු පිරිසට එම ස්ථානයෙන් ඉවත් වන ලෙස ඊයේ (22) නිකුත් කළ අධිකරණ ආඥාව වෙනස් කළ නොහැකි බව කොළඹ ප්රධාන මහේස්ත්රාත් අසංග එස්. බෝදරගම මහතා අද (23) නියෝග කර තිබේ.
අදාළ අධිකරණ ආඥාවට පටහැනිව යම් ක්රියාවක් සිදු වුවහොත් දණ්ඩ නීති සංග්රහය යටතේ අවශ්ය නීතිමය ක්රියාමාර්ග ගැනීමට පොලිසියට හැකියාව පවතින බව ද මහේස්ත්රාත්වරයා සඳහන් කර ඇත.
මේ අතර, විහාරමහාදේවි උද්යානයේ සත්යග්රහයේ නිරත පිරිස සහ නීතිපතිවරයා විසින් අද අධිකරණයට මෝසම් පත්ර දෙකක් ඉදිරිපත් කර තිබේ.
සත්යග්රහයේ නිරත පිරිස සිය මෝසම මඟින් ඉල්ලා ඇත්තේ ඊයේ නිකුත් කළ අධිකරණ ආඥාව ඉවත් කිරීම හෝ සංශෝධනය කිරීමයි. එම ඉල්ලීම සලකා බැලීමෙන් අනතුරුව අදාළ ආඥාව වෙනස් කළ නොහැකි බවට මහේස්ත්රාත්වරයා නියෝග කර තිබේ.
















