ගංගා ද්රෝණි තුනක් ආශ්රිතව නිකුත් කර තිබූ ගංවතුර අනතුරු ඇඟවීම් ඉවත් කිරීමට වාරිමාර්ග දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.
ඒ අනුව, දැදුරු ඔය, කලා ඔය සහ නිල්වලා ගඟ යන ගංගා ද්රෝණි සඳහා නිකුත් කර තිබූ අනතුරු ඇඟවීම් මෙලෙස ඉවත් කර ඇත්තේ එම ගංගා ද්රෝණිවල ජල මට්ටම් මේ වන විට සාමාන්ය තත්ත්වයට පත්වීම හේතුවෙනි.
කෙසේ වෙතත්, දිවයිනේ වර්ෂාපතන තත්ත්වයේ සහ ගංගාවල ජල මට්ටම්වල සිදුවන වෙනස්කම් පිළිබඳව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජලවිද්යා හා ආපදා කළමනාකරණ අංශය අඛණ්ඩව නිරීක්ෂණය කරමින් සිටී.
යළිත් ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් පවතින්නේ නම් ඒ පිළිබඳව පූර්ව දැනුම්දීම් සිදුකිරීමට අවශ්ය කටයුතු සූදානම් කර ඇති බවද එම අංශය දැනුම් දෙයි.
















