පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් රඹුක්කන සහ පේරාදෙණිය දුම්රිය ස්ථාන අතර කඩිගමුව දුම්රිය ස්ථානය ආසන්නයේ නායයාමේ තත්ත්වයක් සක්රිය වී තිබේ. ඒ හේතුවෙන් දුම්රිය මාර්ගයට පස් සේදී ඒමේ අවදානමක් මතුව ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
අදාළ අනතුරුදායක තත්ත්වය මඟහරවා ගනිමින් දුම්රිය මාර්ගය යථා තත්ත්වයට පත් කිරීම සඳහා හදිසි ප්රතිසංස්කරණ කටයුතු හෙට (24) සහ අනිද්දා (25) යන දෙදින තුළ සිදු කිරීමට සැලසුම් කර ඇත.
ඒ අනුව, එම දින දෙක තුළ රඹුක්කන–පේරාදෙණිය සහ ගම්පොල අතර සියලුම දුම්රිය ධාවන කටයුතු තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර තිබේ.
එම දින දෙක සඳහා මුදල් ගෙවා ආසන වෙන්කරවා ගත් මගීන්ට තමන් ගෙවූ සම්පූර්ණ මුදල ඕනෑම දුම්රිය ස්ථානයකින් නැවත ලබාගැනීමට පහසුකම් සලසා ඇති බවද දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
දුම්රිය ධාවනය අත්හිටුවීම හේතුවෙන් මගී ජනතාවට සිදුවන අපහසුතාව පිළිබඳවද දෙපාර්තමේන්තුව කණගාටුව පළ කර තිබේ.
















