නිදහස් මැතිවරණයක් සහ දේශපාලන ප්රතිසංස්කරණ ඉල්ලා වෙනිසියුලාවේ විපක්ෂය සංවිධානය කළ ජාතික මට්ටමේ විරෝධතාවක් වසර දෙකකට ආසන්න කාලයකට පසු පැවැත්වී තිබේ.
ඔක්තෝබර් 22 වැනිදා පැවති මෙම විරෝධතාවලට දහස් ගණනක පිරිසක් එක්ව සිටි බව රොයිටර් පුවත් සේවය වාර්තා කරයි. මැතිවරණයක් පැවැත්වීම සඳහා නිශ්චිත කාලසටහනක් ප්රකාශයට පත් කරන ලෙසත්, දේශපාලන සිරකරුවන් නිදහස් කරන ලෙසත් විරෝධතාකරුවෝ ඉල්ලා සිටියහ.
ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් සහ වෙනිසියුලාවේ වැඩබලන ජනාධිපතිනි ඩෙල්සි රොඩ්රිගස් මැතිවරණයක් පැවැත්වෙන බව ප්රකාශ කර තිබුණද, මේ වන විටත් ඡන්ද විමසීම සඳහා නිශ්චිත දිනයක් ප්රකාශයට පත් කර නොමැත.
වෙනිසියුලා විපක්ෂ නායිකා මාරියා කොරීනා මචාඩෝ පවසා ඇත්තේ 2027 ජූලි මාසයට පෙර මැතිවරණය පැවැත්විය යුතු බවයි.














