කොළඹ විහාරමහා දේවි උද්යානයේ භික්ෂූන් වහන්සේලා පිරිසක් අඛණ්ඩව රැඳී සිටිති
සිරගත කර සිටින පූජ්ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නිදහස් කරන ලෙස ඉල්ලා භික්ෂූන් වහන්සේලා පිරිසක් ආරම්භ කළ අඛණ්ඩ සත්යග්රහය අද (24) නව වැනි දිනටත් ක්රියාත්මක වේ.
කොළඹ විහාරමහා දේවි උද්යානයේදී මෙම සත්යග්රහය පසුගිය 16 වැනිදා ආරම්භ කර තිබේ. එතැන් සිට භික්ෂූන් වහන්සේලා පිරිසක් එහි රැඳී සිටිමින් ඥානසාර හිමියන් නිදහස් කරන ලෙස ඉල්ලා සිටින බව අද දෙරණ වාර්තා කරයි.














