සෞඛ්ය හා ජනමාධ්ය අමාත්යාංශයේ වෛද්ය සැපයුම් කළමනාකරණ කටයුතුවල කාර්යක්ෂමතාව සහ මෙහෙයුම් ගුණාත්මකභාවය ඉහළ නැංවීම සඳහා මිලදී ගත් රුපියල් මිලියන 130ක් වටිනා නවීන රථ 15ක් වෛද්ය සැපයුම් අංශය වෙත භාර දී තිබේ.
ඒ අනුව, රීච් ට්රක් රථ 11ක් සහ ෆෝක්ලිෆ්ට් රථ 4ක් මෙලෙස භාර දී ඇති අතර, සෞඛ්ය හා ජනමාධ්ය අමාත්ය වෛද්ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්රධානත්වයෙන් එම කටයුතු සිදු කර ඇත. ලෝක බැංකු ව්යාපෘති ප්රතිපාදන යටතේ මෙම රථ මිලදී ගෙන තිබේ.
මෙතෙක් වෛද්ය සැපයුම් අංශයේ මෙහෙයුම් කටයුතු සඳහා සීමිත පැරණි ෆෝක්ලිෆ්ට් රථ ප්රමාණයක් සහ කුලියට ගත් රථ භාවිත කර තිබේ. නව රථ ලබාදීමෙන් එම අංශයේ දිගුකාලීන අවශ්යතාවක් සපුරාලීමට හැකි වන බව සෞඛ්ය අමාත්යාංශය සඳහන් කරයි.
වසර 25කට පමණ පසුව ෆෝක්ලිෆ්ට් සහ රීච් ට්රක් රථ 15කින් සමන්විත මෙවැනි විශාල රථ තොගයක් එකවර මිලදී ගැනීමද විශේෂත්වයකි.
නවීන තාක්ෂණය සහ අවශ්ය උපාංගවලින් සමන්විත මෙම රථ මඟින් ඖෂධ සහ අනෙකුත් වෛද්ය සැපයුම් වඩාත් සුරක්ෂිතව හා කාර්යක්ෂමව හැසිරවීමට හැකි වනු ඇතැයි අපේක්ෂා කෙරේ.














