දකුණු පැසිෆික් සාගරයේ පිහිටි වනුආටු (Vanuatu) දූපත් සමූහයට ආසන්න මුහුදු ප්රදේශයේ රික්ටර් මාපක 7.2ක ප්රබලත්වයෙන් යුත් භූ කම්පනයක් සිදුව තිබේ.
මෙම භූ කම්පනයත් සමඟ පැසිෆික් සුනාමි අනතුරු ඇඟවීමේ මධ්යස්ථානය (Pacific Tsunami Warning Center) විසින් සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇති බව විදෙස් මාධ්ය වාර්තා කරයි.
භූ කම්පනයේ අපිකේන්ද්රයේ සිට කිලෝමීටර් 300ක සීමාව ඇතුළත පිහිටි වෙරළබඩ ප්රදේශවලට විනාශකාරී සුනාමි රළ ඇතිවීමේ අවදානමක් පවතින බව අදාළ මධ්යස්ථානය අනතුරු අඟවා තිබේ.













