මත්ද්රව්ය ජාවාරමෙන් උපයාගත් මුදලින් මිලදී ගත් බවට සැක කෙරෙන රුපියල් මිලියන 25ක් පමණ වටිනා දේපළ දින 14ක කාලයක් සඳහා අත්හිටුවීමට නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය පියවර ගෙන තිබේ.
අදාළ විමර්ශනයට අනුව, පානදුර එළුවිල ප්රදේශයේ පදිංචි 45 හැවිරිදි පුද්ගලයෙකු 2026 ඔක්තෝබර් 23 වැනිදා එම කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
අත්හිටුවීමට පියවර ගෙන ඇති දේපළ අතර පානදුර මාලමුල්ල ප්රදේශයේ පිහිටි පර්චස් 13ක ඉඩම සහ එහි ඉදිකර ඇති දෙමහල් නිවසක් ඇතුළත් වන අතර, එහි වටිනාකම රුපියල් මිලියන 20ක් පමණ වේ.
එමෙන්ම, එම ප්රදේශයේ පිහිටි පර්චස් 13.1 බැගින් වූ ඉඩම් කොටස් දෙකක්ද අත්හිටුවා තිබේ. එක් ඉඩම් කොටසක වටිනාකම රුපියල් මිලියන 2.5ක් වන අතර, ඉඩම් දෙකෙහි මුළු වටිනාකම රුපියල් මිලියන 5කි.
අත්හිටුවීම 2026 ඔක්තෝබර් 23 වැනිදා සිට දින 14ක කාලයක් සඳහා ක්රියාත්මක වේ.
අත්අඩංගුවට ගත් සැකකරු අද (24) පානදුර මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර, නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදු කරයි.
















