ජාතික සංවර්ධන අරමුණු සාක්ෂාත් කර ගැනීමේදී කාර්යක්ෂම සහ නූතන තාක්ෂණයෙන් හෙබි මිනින්දෝරු සේවයක් රටට අත්යවශ්ය බවත්, ඒ වෙනුවෙන් අවශ්ය පහසුකම් සහ ප්රතිපාදන ලබාදීමට රජය සූදානම් බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.
බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටලයේදී පැවැති රජයේ මිනින්දෝරු සංගමයේ 100වෙනි වාර්ෂික සම්මේලනයට අද (23) එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ, පසුගිය කාලයේ පැවැති ආර්ථික අර්බුද හමුවේ භාණ්ඩාගාර ගිණුම ඍණ මට්ටමක පැවතුණද වර්තමානය වන විට රුපියල් ට්රිලියනයකට ආසන්න ධන අතිරික්තයක් භාණ්ඩාගාරයේ පවතින බවයි. එමෙන්ම, විදේශ ණය ලබාගැනීමකින් තොරව දේශීය අරමුදල්වලින් පමණක් අධිවේගී මාර්ග සහ කැලණි වැලි දුම්රිය මාර්ගය විද්යුත්කරණය වැනි විශාල සංවර්ධන ව්යාපෘති රැසක් ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බවත්, අතෘප්තිකර හා අකාර්යක්ෂම රාජ්ය ආයතන 34ක් වසා දැමීමට හෝ ඒකාබද්ධ කිරීමට පියවර ගන්නා බවත් ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසීය.














