පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතා තමන් රක්ෂිත බන්ධනාගාරගතව සිටීම සම්බන්ධයෙන් ලිපියක් නිකුත් කර තිබේ. එහිදී ඔහු සඳහන් කර ඇත්තේ ඔක්තෝබර් 24 වැනිදා වන විට තමන් සිරගතව දින 50ක් සම්පූර්ණ කරන බවයි.
තමන් සිරගත කර තැබීම දේශපාලන පීඩනයක ප්රතිඵලයක් විය හැකි බවට ඔහු අදහස් පළ කර ඇති අතර, අධිකරණයෙන් ඉදිරියේදී නිදොස් කොට නිදහස් වනු ඇතැයි තමන් විශ්වාස කරන බව ද සඳහන් කර තිබේ.
රටේ සංස්කෘතික උරුමය සහ බෞද්ධ සංස්කෘතිය පිළිබඳව ද අදහස් දක්වා ඇති ඔහු, කාවන්තිස්ස ඇතා ආරක්ෂා කර ගැනීමට නොහැකි වීම පිළිබඳ කනගාටුව පළ කරමින් සිය පියා වන මහින්ද රාජපක්ෂ මහතාගේ දේශපාලන උරුමය ගැන ද සඳහන් කර ඇත.
විදුලි බිල, ඉන්ධන මිල, වැටුප්, බැංකු ණය, වාහන මිල සහ අත්යවශ්ය භාණ්ඩ හා සේවා මත පනවා ඇති බදු සම්බන්ධයෙන් ද ඔහු සිය ලිපියෙන් ප්රශ්න මතු කර තිබේ.
“ඔබට මා සිරගත කළ හැකි වුවත්, අප කඳවුරේ ජනතා අභිලාෂය සිරගත කළ නොහැකිය” යනුවෙන් සඳහන් කරමින් නාමල් රාජපක්ෂ මහතා සිය ලිපිය අවසන් කර ඇත.













