ශ්රී ලංකාවේ නව චීන තානාපති වේයි හුවාෂියැං මහතා, 1952 වසරේදී ශ්රී ලංකාව සහ චීනය අතර අත්සන් තැබුණු ඓතිහාසික රබර් සහ සහල් ගිවිසුම වෙනුවෙන් ප්රමුඛ කාර්යභාරයක් ඉටුකළ හිටපු වෙළෙඳ හා වාණිජ අමාත්ය ආර්.ජී. සේනානායක මහතාගේ පවුලේ සාමාජිකයන් හමුවී තිබේ.
මෙම හමුවේදී තානාපතිවරයා සඳහන් කර ඇත්තේ චීනය තම ඓතිහාසික මිතුරන් කිසිදා අමතක නොකරන බවයි. දෙරට අතර පැවැති දීර්ඝකාලීන රාජ්යතාන්ත්රික සහ ආර්ථික සබඳතා අගය කළ තානාපතිවරයා, එම ඓතිහාසික මිත්රත්වය තවදුරටත් ආරක්ෂා කරමින් අනාගත පරම්පරාව වෙත දායාද කිරීමට චීනය කැපවී සිටින බව වැඩිදුරටත් පැවසීය.














