උතුරු කොරියානු නායක කිම් ජොං උන් චීනයේ දේශසීමා නගරයක් වන ඩැන්ඩොං වෙත එක්දින සංචාරයක නිරත වී යළි සිය රටට පැමිණ තිබේ. ඔහු මෙම සංචාරය සඳහා චීනය හා උතුරු කොරියාව යා කරන අලුතින් විවෘත කළ යාලු ගංගා පාලම භාවිත කර තිබීම විශේෂත්වයකි.
චීන රාජ්‍ය මාධ්‍ය වන ෂින්හුවා වාර්තා කළ පරිදි, මෙම සංචාරයේදී කිම් ජොං උන් චීන කොමියුනිස්ට් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වන වැන්ග් හුනිං හමුවී තිබේ. චීන ජනාධිපති ෂී ජින්පිංගේ සුබපැතුම් ද ඔහු වෙත දැනුම් දී ඇති බව වාර්තා වේ.
දෙරටේ නායකයන්ගේ නියෝජිතයන් ඩැන්ඩොං නගරයේ පිහිටි කොරියානු යුද්ධයට අදාළ ස්මාරකයක් නැරඹීමට සහ මෝටර් රථ කර්මාන්ත ශාලාවකට යාමට ද එක්වී තිබේ. එහිදී දෙරට අතර පවතින ඓතිහාසික මිත්‍රත්වය සහ ප්‍රායෝගික සහයෝගීතාව තවදුරටත් පුළුල් කිරීම පිළිබඳව අවධානය යොමු කර ඇත.
කිලෝමීටර් තුනකට ආසන්න දිගකින් යුත් නව යාලු ගංගා පාලම 2014 වසරේදී ඉදිකර අවසන් කළද, සම්බන්ධක මාර්ග සහ රේගු පහසුකම් සම්බන්ධ ගැටලු හේතුවෙන් එය භාවිතයට විවෘත කිරීම වසර ගණනාවක් ප්‍රමාද විය. එය මේ මාසයේදී නිල වශයෙන් විවෘත කෙරිණි.
චීනය උතුරු කොරියාවේ ප්‍රධාන වෙළෙඳ හවුල්කරුවා මෙන්ම වැදගත් ආර්ථික හා රාජ්‍යතාන්ත්‍රික සහායකයෙකු ද වේ. නව පාලම විවෘත කිරීමෙන් භාණ්ඩ ප්‍රවාහනය පහසු වී දෙරට අතර වෙළෙඳාම තවදුරටත් වර්ධනය විය හැකි බව විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
රුසියාව සමඟ උතුරු කොරියාවේ සබඳතා ද වර්ධනය වී ඇති පසුබිමක, කිම් ජොං උන්ගේ මෙම සංචාරය චීනය සමඟ සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමේ සංකේතාත්මක පියවරක් ලෙස සැලකේ.
















