මාර්ග යෝග්යතා සහ ආරක්ෂණ සහතිකය (Roadworthiness and Safety Certificate) හඳුන්වාදීම සම්බන්ධයෙන් මේ වන විටත් සාකච්ඡා හා අධ්යයන කටයුතු පමණක් සිදු කෙරෙමින් පවතින බව මෝටර් රථ ප්රවාහන දෙපාර්තමේන්තුව පවසයි.
මෙම වැඩපිළිවෙළ යටතේ විශේෂයෙන්ම මගී ප්රවාහනය සහ භාණ්ඩ ප්රවාහනය සඳහා භාවිත කරන වාහන පිළිබඳ අවධානය යොමු වී තිබේ. එය ක්රියාත්මක කළ යුතු ආකාරය සම්බන්ධයෙන් මාර්ග යෝග්යතා උපායමාර්ගික කමිටුව තවදුරටත් සාකච්ඡා පවත්වන බව ද දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
සහතිකය ක්රියාත්මක කරන දිනය, අනිවාර්යයෙන් අදාළ වන වාහන වර්ග, ධාවන දුර සීමාවන්, අනුගමනය කළ යුතු ක්රියාපටිපාටිය සහ නීතිමය විධිවිධාන පිළිබඳ අවසන් තීරණ ගෙන නොමැති බව ද එම නිවේදනයේ දැක්වේ.
එබැවින් නිල තීරණ සහ උපදෙස් නිකුත් කරන තෙක් සහතිකය අනිවාර්ය කරන දිනය හෝ කොන්දේසි පිළිබඳ තහවුරු නොකළ තොරතුරු ප්රචාරය කිරීමෙන් වළකින ලෙස මෝටර් රථ ප්රවාහන දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් ඉල්ලා සිටියි.
















