බෙංගාල බොක්කේ වර්ධනය වෙමින් පවතින පීඩන අවපාතය ඔක්තෝබර් 26 වැනිදා වන විට ‘අර්නාබ්’ නමැති සුළි කුණාටුවක් බවට පත්විය හැකි බව ඉන්දීය කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව පුරෝකථනය කර තිබේ.
එම කාලගුණ පද්ධතිය ඔක්තෝබර් 28 වැනිදා පමණ ඉන්දියාවේ ආන්ද්ර ප්රදේශ් වෙරළ තීරය ආසන්නයට ළඟා විය හැකි බවටද අනාවැකි පළ කර ඇත.
මෙම පද්ධතියේ බලපෑම හේතුවෙන් ශ්රී ලංකාවේ නිරිතදිග ප්රදේශවල වැසි වැඩිවිය හැකි අතර, බස්නාහිර, සබරගමුව, උතුරු සහ වයඹ පළාත්වලද වරින් වර වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව ශ්රී ලංකා කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව සඳහන් කර තිබේ.
මේ අතර, බෙංගාල බොක්කේ ගැඹුරු මුහුදු ප්රදේශවල ධීවර හා නාවික කටයුතුවල නිරත වීමෙන් වළකින ලෙස උපදෙස් ලබාදී ඇති බවට මාධ්ය වාර්තා පළවී තිබේ. මුහුදු යාමට පෙර අදාළ නිල කාලගුණ සහ මුහුදු අනතුරු ඇඟවීම් පරීක්ෂා කරන ලෙස ධීවරයින්ට දැනුම් දෙනු ලැබේ.
















