ඉන්දියාවේ ප්රකට සූපවේදියෙකු සහ රූපවාහිනී වැඩසටහන් විනිශ්චයකරුවෙකු වූ ෂෙෆ් දාමු (Chef Damu) වයස අවුරුදු 72දී අද (25) අභාවප්රාප්ත වී තිබේ.
කේ. දමෝදරන් ලෙස ප්රකට ඔහු, සෞඛ්ය තත්ත්වය අයහපත් වීම හේතුවෙන් චෙන්නායිහි රෝහලක ප්රතිකාර ලබමින් සිටියදී මියගිය බව ඉන්දීය මාධ්ය වාර්තා කරයි.
2010 දෙසැම්බර් 22 වැනිදා පැය 24යි මිනිත්තු 30යි තත්පර 12ක් තුළ ආහාර වර්ග 617ක් පිසීමෙන් ඔහු ගිනස් ලෝක වාර්තාවක් පිහිටුවීය.
2004 වසරේදී මදුරාසි විශ්වවිද්යාලයෙන් හෝටල් කළමනාකරණය සහ ආහාර සැකසුම් තාක්ෂණය සම්බන්ධ ආචාර්ය උපාධියක් ලබාගත් ඔහු, සූපශාස්ත්ර ක්ෂේත්රයට කළ සේවය වෙනුවෙන් 2025 වසරේදී ඉන්දියාවේ පද්ම ශ්රී සම්මානයෙන්ද පිදුම් ලැබීය.
රූපවාහිනියේ ජනප්රිය වූ “Cooku with Comali” වැඩසටහනේ විනිශ්චයකරුවෙකු ලෙසද ඔහු කටයුතු කළ අතර, සූපශාස්ත්ර අධ්යාපනයට සහ ඉන්දීය ආහාර සංස්කෘතිය ප්රචලිත කිරීමටද දායක විය.
ඔහුගේ අභාවය සම්බන්ධයෙන් සූපවේදීන් සහ විනෝදාස්වාද ක්ෂේත්රයේ පිරිස් ශෝකය පළ කරමින් සිටිති.
















