කටාන, ගිරිඋල්ල ප්රදේශයේදී හෙරොයින් කිලෝග්රෑම් 21යි ග්රෑම් 750ක් සමඟ පුද්ගලයෙකු පොලිස් මත්ද්රව්ය නාශක කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මත්ද්රව්ය සම්බන්ධයෙන් මීට පෙර අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනෙකුගෙන් ලද තොරතුරු මත මෙම වැටලීම සිදුකර ඇති බව වාර්තා වේ. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්රියාත්මකයි.
මේ අතර, තලංගම පොලිස් බලප්රදේශයේ කලල්ගොඩ හන්දිය ආසන්නයේදී මෝටර් රථයකින් අයිස් මත්ද්රව්ය ප්රවාහනය කළ බවට සැකපිට 26 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකටයුතු මෝටර් රථයක් පරීක්ෂා කිරීමේදී එහි තිබී අයිස් මත්ද්රව්ය කිලෝග්රෑම් 1යි ග්රෑම් 10ක් සොයාගෙන ඇති බව පොලිසිය සඳහන් කළේය. අත්අඩංගුවට ගත් පුද්ගලයා පිළියන්දල ප්රදේශයේ පදිංචිකරුවෙකි.
සිද්ධිය සම්බන්ධයෙන් තලංගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
















