ශ්රී ලංකාවේ දකුණු වෙරළට ඔබ්බෙන් ජාත්යන්තර මුහුදේ රැඳී තිබූ ඉරාන තෙල් ප්රවාහන නෞකාවල සිටි නාවිකයින් පිරිසක් හදිසි සෞඛ්ය තත්ත්වයන් හේතුවෙන් ගාල්ල වරාය ඔස්සේ ගොඩබිමට රැගෙනවිත් තිබේ.
විදේශ කටයුතු අමාත්යාංශයේ මාධ්ය ප්රකාශක තුෂාර රොද්රිගෝ සඳහන් කළ පරිදි, නාවිකයින් ගොඩබිමට රැගෙන ඒම සඳහා ශ්රී ලංකාව මැදිහත් වී ඇති අතර, ඒ සඳහා වැය වූ මුදල් ඉරාන තානාපති කාර්යාලය විසින් දරා තිබේ.
විදෙස් මාධ්ය වාර්තා අනුව, අවම වශයෙන් නාවිකයින් 40 දෙනෙකුට හදිසි වෛද්ය ප්රතිකාර අවශ්ය වී තිබේ. කෙසේ වෙතත්, ඇතැම් වාර්තාවල සඳහන් වන්නේ රෝගී වූ නාවිකයින් 27 දෙනෙකු ගොඩබිමට රැගෙන ආ බවයි.
වෛද්ය ප්රතිකාරවලින් පසු සියලු නාවිකයින් නැවත ඉරානයට පිටත්ව ගිය බවට පළ වූ තොරතුර ස්වාධීන මූලාශ්රවලින් තහවුරු වී නොමැත.
















