නෝටන්බ්රිජ් ප්රදේශයට අද (26) ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් විමලසුරේන්ද්ර ජලාශය වාන් දැමීමට පටන් ගෙන තිබේ.
ජලාශය වාන් දැමීමත් සමඟ කැලණි ගඟට ජලය ගලා බසින කෙසෙල්ගමු ඔයේ ජල මට්ටම ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.
පවතින වැසි තත්ත්වය හමුවේ ගංගා සහ ඔය ආශ්රිත පහත්බිම්වල ජීවත් වන ජනතාව ජල මට්ටම් පිළිබඳ අවධානයෙන් පසුවන ලෙසත්, බලධාරීන්ගේ උපදෙස් පිළිපදින ලෙසත් දැනුම් දෙයි.













