දිවයිනට බලපා ඇති අධික වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් බලංගොඩ – රත්නපුර ප්රධාන මාර්ගයේ ඇල්ලේපොළ ප්රදේශයෙන් නායයෑමක් සිදුව තිබේ. මෙම නායයෑමත් සමඟ මාර්ගයට පස් සහ ගල් පර්වත කඩා වැටීම නිසා එම මාර්ගයේ රථවාහන ධාවන කටයුතුවලට දැඩි බාධා එල්ල වී ඇති බව වාර්තා වේ.
පවතින අවදානම් සහගත තත්ත්වය හමුවේ අදාළ මාර්ගය භාවිත කරන රියදුරන් සහ මගීන් දැඩි විමසිල්ලෙන් පසුවන ලෙස ඉල්ලා සිටින අතර, මාර්ගය යථා තත්ත්වයට පත් කිරීම සඳහා අවශ්ය පියවර ගනිමින් පවතී.














