දිවයිනට බලපා ඇති තද වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් අත්තනගලු ඔය සහ උරුවල් ඔය නිම්නවල පහත් බිම් ප්රදේශවල ඉදිරි කාලය තුළ ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.
ඒ අනුව දිවුලපිටිය, මීරිගම, අත්තනගල්ල, මහර, ගම්පහ, මිනුවන්ගොඩ, ජා-ඇළ, කටාන සහ වත්තල යන ප්රාදේශීය ලේකම් කොට්ඨාසවලට අයත් අත්තනගලු ඔය සහ උරුවල් ඔය නිම්නවල පහත් බිම් ප්රදේශවල වෙසෙන ජනතාව මේ සම්බන්ධයෙන් දැඩි අවධානයෙන් පසුවන ලෙස ඉල්ලා සිටියි. පවතින වර්ෂා තත්ත්වයත් සමඟ මෙම ජල මාර්ගවල ජල මට්ටම් ඉහළ යමින් පවතින බැවින්, අදාළ ප්රදේශවල ජනතාව සහ ප්රදේශය හරහා ගමන් ගන්නා රියදුරන් දැඩි විමසිල්ලෙන් පසුවන ලෙස ආපදා කළමනාකරණ අංශ දැනුම් දී ඇත.














