උතුරු මැද පළාත් ප්රධාන අමාත්යවරයා ලෙස කටයුතු කළ සමයේ අනීතික ලෙස රුපියල් ලක්ෂ 25කට ආසන්න වටිනාකමකින් යුත් ඉන්ධන භාවිත කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් හිටපු ප්රධාන අමාත්ය එස්.එම්. චන්ද්රසේන මහතාට එරෙහිව පවරා ඇති නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය දෙසැම්බර් 09 වනදා දක්වා කල්තැබීමට කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහාල් අද (26) නියෝග කළේය.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් පවරා ඇති මෙම නඩුවේ අද දින සාක්ෂි ලබාදීම සිදු වූ අතර, පැමිණිල්ලේ 10 වන සහ 15 වන සාක්ෂිකරුවන්ට එදිනට අධිකරණයේ පෙනී සිටින ලෙස සිතාසි නිකුත් කිරීමටද මහාධිකරණ විනිසුරුවරයා වැඩිදුරටත් නියෝග කර තිබේ.














