අරුණ විදානගමගේ නොහොත් කජ්ජා සහ ඔහුගේ දරු දෙදෙනා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් අනූෂා ලක්මාලි නොහොත් අචිනි නම් කාන්තාව ලබන නොවැම්බර් 04 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
ඇය ඊයේ (27) අලුයම කටුනායක බණ්ඩාරනායක ජාත්යන්තර ගුවන්තොටුපොළේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ ඩුබායි රාජ්යයේ සිට මෙරටට පිටුවහල් කිරීමෙන් අනතුරුවය.
අරුණ විදානගමගේ හෙවත් කජ්ජා සහ ඔහුගේ දරු දෙදෙනා 2025 වසරේ පෙබරවාරි 18 වැනිදා වෙඩි තබා ඝාතනය කර තිබිණි.
එම ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකාරිය පිළිබඳව වැඩිදුර විමර්ශන ක්රියාත්මක වේ.
















