පක්ෂ නායක රැස්වීමේදී ගනු ලබන තීන්දු තීරණ සම්බන්ධයෙන් තමන්ගේ පක්ෂයේ මන්ත්‍රීවරුන් දැනුවත් කිරීම පක්ෂ නායකයන්ගේ වගකීම මිස කතානායකවරයාගේ වගකීමක් නොවන බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (19) පාර්ලිමේන්තුවේ විපක්ෂයේ නායකවරයා විසින් පක්ෂනායක රැස්වීම්වලදී ගනු ලබන තීරණ ගැන කතානායකවරයා විසින් පාර්ලිමේන්තුවට දැනුවත් කල යුතු බවට පිලිතුරු වශයෙනි.
අමාත්‍යවරයා කියා සිටියේ පාර්ලිමේන්තුව පැවැත්වෙන දිනවල පෙරවරු 10.30 වනතුරු ඇමතිවරුන් ප්‍රශ්නවලට පිලිතුරු ලබාදීමට සභාවේ රැඳි සිටින බවත්, ඉන් පසුව ඔවුන් රාජකාරී කටයුතු සඳහා නිදහස් කිරීමටත් පක්ෂනායක රැස්වීමේදී තීරණය කර ඇති බවයි.