තම ආණ්ඩුවේ මීළඟ පියවර වන්නේ රටේ කර්මාන්ත හා ව්‍යාපාර දියුණු කරමින් විදේශ විනිමය වැඩි කර රටේ ණය බර සම්පූර්ණයෙන්ම ගෙවා දැමීම බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (15) පෙරවරුවේ මාතලේ, එඩ්වඩ් ක්‍රීඩාංගනයේ පැවැති සමෘද්ධි සහනාධාර හිමිකම් ප්රදානය කිරීමේ උත්සවයට සහභාගි වෙමින්.
දැඩි ආර්ථික දුෂ්කරතා මධ්‍යයේ වුවද ගෙවුණු වසර තුන තුළ ජනතාවට සහන ලබාදෙමින් රට ඉදිරියට ගෙන යාමට හැකි වූ බව පෙන්වා දුන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා, තම ආණ්ඩුවේ මීළඟ පියවර වන්නේ රටේ කර්මාන්ත හා ව්‍යාපාර දියුණු කරමින් විදේශ විනිමය වැඩි කර රටේ ණය බර සම්පූර්ණයෙන්ම ගෙවා දැමීම බව පැවසීය.
1995 වසරේ දී එවකට පැවැති ආණ්ඩුවට සමෘද්ධි සහනාධාරය ලබාදීමට හැකි වූයේ 1977 බලයට පැමිණි එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව ශක්තිමත් ආර්ථිකයක් බාර දුන් නිසා බව වික්‍රමසිංහ මහතා සිහිපත් කළේය.
එහිදී අග්‍රාමාත්‍යවරයා එහිදී මෙසේ අදහස් පල කළේය “ ගත වූ වසර 3 තුළ ෂධ මිල අඩු කළා. හෘද රෝගින් සඳහා නොමිලයේ ස්ටෙන්ට් ලබාදුන්නා. ‘‘ළඟම පාසල හොඳම පාසල” වැඩසටහන යටතේ පාසල් දියුණු කළා. පාසල් සිසු දරු දැරියන් වෙනුවෙන් සුරක්ෂා රක්ෂණාවරණ ක්‍රමයක් ඇති කළා. ගැබිණි මාතාවන්ට රුපියල් 20,000 ක පෝෂණ මල්ලක් ලබා දුන්නා. සුවසැරිය ගිලන් රථ සේවාව ආරම්භ කළා. මේ ආකාරයට අප ලබාදුන් සහන සහ ඇති කළ සංවර්ධන වැඩසටහන් ගැන පැය ගණනාවක් කතා කළ හැකියි. මේ දුෂ්කර කාලය ගෙවා දමමින්, අපේ ඊළඟ අරමුණ වන්නේ කර්මාන්ත හා ව්‍යාපාර දියුණු කරමින් විදේශ විනිමය වැඩි කර, ලබාගෙන තිබෙන ණය අනාගත පරපුරට ගෙවීමට ඉඩ නොතබා, එය සම්පූර්ණයෙන්ම ගෙවා දමා රටේ සීඝ්‍ර සංවර්ධනයක් ඇති කිරීම” යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් පැවසීය.
මෙම අවස්ථාවට සමාජ සවිබලගැන්වීමේ අමාත්‍ය පී. හැරිසන්, නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක, සංචාරක සංවර්ධන හා ක්‍රිස්තියානි ආගමික කටයුතු රාජ්‍ය අමාත්‍ය රංජිත් අලූවිහාරේ, කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය වසන්ත අලූවිහාරේ, ස්වදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ජේ.සී. අලවතුවල යන මහත්වරු ඇතුලූ රාජ්‍ය නිලධාරීන්, දේශපාලනඥයන් රැසක් ද මෙම අවස්ථාවට සහභාගි වී සිටියහ.