• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් සංවර්ධන

2018 වසරේ කාන්තාවන් විදේශ ගතවීම 31.7% ක් දක්වා අඩුයි

9 January 2019
in සංවර්ධන
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

2017 වර්ෂයට සාපේක්ෂව 2018 වසරේ ශ්‍රමිකයින් විදේශ ගතවීමේ සංඛ්‍යාවේ සැලකිය යුතු වෙනසක් පෙන්නුම් නොකරන අතර, 2017 වර්ෂයට සාපේක්ෂව 2018 වර්ෂයේදී ශ්‍රමිකයින් විදේශ ගතවීම 0.24% න් අඩුවී තිබෙන බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.

එම කාර්යාංශය නිවේදනය කළේ 2018 වර්ෂය තුළදී ශ්‍රමිකයින් 211502 දෙනෙකු රැකියා සදහා විදේශ ගතවී ඇති අතර, ඉන් පිරිමි ශ්‍රමිකයින් ප්‍රමාණය 144531ක් බවයි. එම සංඛ්‍යාව විදේශ ගතවූ මුළු ශ්‍රමිකයින් සංඛ්‍යා‍වෙන් 68.3% කි. 2017 වර්ෂයේදී පිරිමි ශ්‍රමිකයින් 143673 දෙනෙකු විදේශ ගතවී ඇති තිබෙන අතර එය සමස්ථ විදේශ ගතවීම්වලින් 68% කි. ඒ අනුව 2017 වර්ෂයට සාපේක්ෂව 2018 වර්ෂයේදී පිරිමි ශ්‍රමිකයින් විදේශ ගතවීම 0.3% න් වැඩිවී තිබේ.

කාන්තා ශ්‍රමිකයින් 66971 දෙනෙකු 2018 වර්ෂයේදී රැකියා සදහා විදේශ ගතවී ඇති අතර, එම ප්‍රමාණය විදේශ ගතවූ මුළු ශ්‍රි ලාංකික ශ්‍රමිකයින් සංඛ්‍යාවෙන් 31.7% කි. 2017 වර්ෂයේදී කාන්තා ශ්‍රමිකයින් 68319 දෙනෙකු විදේශ ගතවී ඇති අතර එහි ප්‍රතිශතය 32% කි. ඒ අනුව කාන්තා ශ්‍රමිකයින් විදේශ ගතවීම 2017 වර්ෂයට සාපේක්ෂව 2018 වර්ෂයේදී 0.3% ක ප්‍රමාණයකින් අඩුවී තිබේ.

2018 වර්ෂයේදී කාන්තා ශ්‍රමිකයින්ට වඩා පිරිමි ශ්‍රමිකයින් 77560 දෙනෙකු රැකියා සදහා විදේශ ගතවී තිබේ.

2018 වර්ෂයේදී ගෘහ සේවිකාවන් වශයෙන් විදේශ ගතවූ ශ්‍රමිකයින් ප්‍රමාණය 64965කි. 2017 වර්ෂයේදී ගෘහ සේවිකාවන් වශයෙන් විදේශ ගතවූ ප්‍රමාණය 55884ක් වන අතර, ඒ අනුව ගෘහ සේවිකාවන් වශයෙන් විදේශ රැකියා සදහා පිටත්ව යාම 13% කින් ඉහළ ගොස් තිබේ.

2018 වර්ෂය තුළ වැඩිම ශ්‍රමිකයින් පිරිසක් විදේශ ගතවී ඇති රට වනුයේ කටාර් රාජ්‍යය යි. එම ප්‍රමාණය 50776 ක් වන අතර, 2017 වර්ෂයේදී කටාර් රාජ්‍යයට ශ්‍රමිකයින් 56637 දෙනෙකු රැකියා සදහා පිටත්ව ගොස් තිබේ. පසුගිය වර්ෂයේදී කුවේට් රාජ්‍යයට විදේශ ගතවී ඇති ප්‍රමාණය 46946 ක් වන අතර, 2017දී ශ්‍රමිකයින් 37410 දෙනෙකු කුවේට් රැකියා සදහා පිටත්ව ගොස් තිබේ. 2018 වර්ෂයේදී සෞදි අරාබියට රැකියා සදහා විදේශ ගතවූ ප්‍රමාණය 35899 ක් වන අතර, 2017 වර්ෂයේදී එම ප්‍රමාණය 37745කි. පසුගිය වර්ෂයේදී ශ්‍රමිකයින් 5410 දෙනෙකු දකුණු කොරියාවේ රැකියා සදහා ගොස් තිබේ. එසේම 2017 වසර තුළ දකුණු කොරියාවේ රැකියා සදහා පිටත්ව ගිය ශ්‍රමිකයින් ප්‍රමාණය 5807කි.

විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ දත්ත වාර්තා සසදන කල පෙනීයන කරුණක් වනුයේ සාම්ප්‍රදායික මැදපෙරදිග රටවලට වඩා යුරෝපීය රටවල් සහ අනෙකුත් රටවල්වලට ශ්‍රමිකයින් විදේශ රැකියා සදහා යොමුවීමේ ප්‍රවණතාවයක් ඇතිවෙමින් පවතින බවයි. නිදසුනක් ලෙස ජපානය, මොරිෂස්, නවසීලන්තය, පෝලන්තය, රුමේනියාව, ස්විසර්ලන්තය වැනි රටවල රැකියා සදහා ශ්‍රමිකයින් යොමුවීමේ වර්ධනයක් දැකිය හැකිය. 2017 වර්ෂයේදී ජපන් රැකියා සදහා ශ්‍රමිකයින් 402 කු පිටත්ව ගොස් තිබෙන අතර, 2018 වර්ෂයේදී ශ්‍රමිකයින් 746 දෙනෙකු සදහා ජපානයේ රැකියා වරම් හිමිව තිබේ.

එසේම වෘත්තිය රැකියා සදහා ශ්‍රමිකයින් යොමුවීමත් ඉහළ ගොස් ඇති අතර, 2018 වසරේ ශ්‍රමිකයින් 7192ක් වෘත්තිමය රැකියා සදහා විදේශ ගතවී තිබේ. 2017 වසරේ 6379 දෙනෙකු වෘත්තිමය රැකියා සදහා විදේශ ගතවී තිබෙන අතර, ඒ අනුව වෘත්තිමය රැකියා සදහා විදේශ ගතවීම 11% කින් ඉහළ ගොස් තිබේ.

එසේම මධ්‍ය මට්ටමේ රැකියා සදහා ශ්‍රමිකයින් 7763ක් විදේශ ගතවී ඇති අතර, 2017 වසරේ 7127දෙනෙකු වෘත්තිමය රැකියා සදහා විදේශ ගතවී තිබේ. ඒ අනුව වෘත්තිමය රැකියා සදහා විදේශ ගතවීම 8% කින් ඉහළ ගොස් තිබේ. ලිපිකරු හා ඒ හා සබැදි රැකියා සදහා ශ්‍රමිකයින් 10023 දෙනෙකු විදේශ ගතවී ඇති අතර, 2017 වසරේදී එය 9271 කි. ඒ අනුව ලිපිකරු හා ඒ හා සබැදි රැකියා සදහා ශ්‍රමිකයින් විදේශ ගතවීම පෙර වසරට සාපේක්ෂව 7.5%න් ඉහළ ගොස් තිබෙන බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය වැඩිදුරටත් කියා සිටියේය.

 

Post Views: 3
Previous Post

ක්‍රීඩා සංගම් හා ක්‍රීඩක ගැටළු කඩිනමින් විසදීමට විශේෂ ඒකකයක්

Next Post

ශ්‍රේෂ්ඨාධිකරණයට විනිසුරුවරුන් පත් කෙරේ

editor

editor

Next Post

ශ්‍රේෂ්ඨාධිකරණයට විනිසුරුවරුන් පත් කෙරේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

9 May 2025
ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

9 May 2025
නව පාප් වහන්සේ Robert F. Prevost

නව පාප් වහන්සේ Robert F. Prevost

9 May 2025

Recent News

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

9 May 2025
ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

9 May 2025
නව පාප් වහන්සේ Robert F. Prevost

නව පාප් වහන්සේ Robert F. Prevost

9 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

9 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved