27 April 2024
#දේශීය

ශ්‍රේෂ්ඨාධිකරණයට විනිසුරුවරුන් පත් කෙරේ

නව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් තිදෙනෙක් සහ අභියාචනාධිකරණ විනිසුරුවරයෙක් අද (09) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දී ඇත.

නව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් ලෙස

අභියාචනාධිකරණ සභාපති පී.පී. සුරසේන,

අභියාචනාධිකරණ විනිසුරු එස්. තුරෙයිරාජා,

අභියාචනාධිකරණ විනිසුරු ඊ.ඒ.ජී.ආර්. අමරසේකර යන මහත්වරුන් දිවුරුම් දුන් අතර,

නව අභියාචනාධිකරණ විනිසුරුවරයෙකු ලෙස මහාධිකරණ විනිසුරු කේ.පී. ප්‍රනාන්දු මහතා දිවුරුම් දෙනු ලැබීය.

ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න මහතා ද මෙම අවස්ථාවට එක් විය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *