27 April 2024
#ක්‍රීඩා

ක්‍රීඩා සංගම් හා ක්‍රීඩක ගැටළු කඩිනමින් විසදීමට විශේෂ ඒකකයක්

ක්‍රීඩා අමාත්‍යාංශයේ මහජන දිනය වඩාත් කාර්යක්ෂමව නව මුහුණුවරකින් පැවැත්වීමට ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා විසින් තීරණය කර තිබේ. මේ අනුව ක්‍රීඩා සම්බන්ධ ගැටළු ඉදිරිපත් කිරීම සදහා සෑම බදාදා දිනයකම ක්‍රීඩා අමාත්‍යවරයා මුණගැසීමට බලාපොරොත්තු වන ක්‍රීඩා සංගම් / සම්මේලන නිළධාරීන් හා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට තම ගැටළු කඩිනමින් විසදා දීම සදහා නව ක්‍රියා පටිපාටියක් සකස් කර තිබෙන බව ක්‍රිඩා අමාත්‍යාංශය කියා සිටි.

මෙම නව ක්‍රමවේදය මගින් විශේෂයෙන්ම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ගැටළු එම අවස්ථාවේදීම අදාල අංශ වෙත යොමු කොට එදිනම විසදුම් ලබාදීම මෙහි අරමුණ වේ.

ජනවාරි 16 වෙනි දින සිට විශේෂ ඒකකයක් හරහා ක්‍රියාත්මක කෙරෙන මෙම වැඩපිළිවෙල අනුව ප්‍රශ්ණ විසදීම කඩිනම් කිරීම සදහා අදාල නිළධාරීන්ට යොමු කිරීම එම අවස්ථාවේදීම සිදු කිරීමට නියමිතයි.

ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව, ක්‍රීඩා වෛද්‍ය ආයතනය, ජාතික ක්‍රීඩා විද්‍යාතනය, තහනම් උත්තේජක මර්ධන ආයතනය හා සුගතදාස ක්‍රීඩා සංකීර්ණය යන ක්‍රීඩා අමාත්‍යාංශය යටතේ පවතින සියළුම අංශ වල නිළධාරීන් දිනය පුරා මේ වෙනුවෙන් අනුයුක්ත කර ඇත.

Leave a comment

Your email address will not be published. Required fields are marked *