පවතින වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් පැණ නැඟී ඇති විදුලි අර්බුදය පිළිබඳ විෂයභාර අමාත්‍ය රවී කරුණානායක මහතා අද පාර්ලිමේන්තුවේදී විශේෂ ප‍්‍රකාශයක් සිදුකිරීමට නියමිතයි.
විදුලි කප්පාදුවට විසදුම් සහ මතුව ඇති තත්ත්වය සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරිම අරමුණයි.
මේ අතර අයවැය කාරක සභා අවස්ථා විවාදයේ දාහතරවන දිනයයි අද. අද දිනයේදිත් අමාත්‍යාංශ දෙකක වැය ශිර්ෂ විවාදයට ගැනීමට නියමිතයි. විදුලිබල බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන මෙන්ම මහාමාර්ග මාර්ග සංවර්ධන සහ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන යන අමාත්‍යාංශවල වැය ශීර්ෂ විවාදය පෙරවරුවේ සිට පැවැත්වේ.
			
                                
                                
							











