අනාදිමත් කාලයක් පටන් ස්වාධීන රූපවාහිනි සේවය ජනතාවට ඉතා යහපත් අන්දමින් විකාශන කටයුතු සිදු කළේය. නමුත් මීට වසර 15 කට පෙර සිට යම් යම් දේශපාලන මතවාදීන් විසින් ස්වාධීන රූපවාහිනි සේවයට ඇති කල බලපෑම් ඉතා විශාලය.
ඒ තුළීන් රටට සිදු වුයේ දේශපාලන මඩ සෝදා ගන්නා නාලිකාවක් රසවිදිම පමණයි. මේ නාලිකාවට පත්වන සභාපතිවරුන්ට ද අත්පත්වන්නේ එවැනිම දෙයකි. කොතෙක් ස්වාධීන පුද්ගලයෙකු වුවත් මෙම ආයතනයේ සභාපති ධුරය හෙබ වු පසු සිදුවන්නේ ද දේශපාලනය වෙනුවෙන් කඩේ යාමය. මේ කඩේ යාම තුලදී ඇතැම් උගත් බුද්ධිමත් ස්වාධින රූපවාහිනයේ සේවයේ සිටින දක්ෂ නිලධාරින්ට සිදුවන ඇත්තේ රැකියාව අහිමි වීම බවයි අපට වාර්තා වන්නේ.
ස්වාධීන රූපවාහිනි ආයතනයේ පාලනාධිකාරිය විසින් පසුගිය දින කිහිපය තුලදී එහි සේවකයින් සිව් දෙනෙකුගේ රැකියා අහිමි වීම යහපාලනය රජයේ මාධ්යන නිදහස පිළිබඳ අප ඇත්තේ ද ගැටළුවකි.
පාලනාධීකාරිය විසින් ඇතැම් පුද්ගලයින් ආයතනයේ තනතුරු අලුතින් නම් කරමින් පත් කිරීම සම්බන්ධයෙන් විරුද්ධ වීම හෙයින්. සුදුසුකම් ඇති උගත් පිරිසක් සිටින ආයතනයක එයට පිටින් පුද්ගලයින් ගෙන්වා ඔවුන්ට නව තනතුරු සකස් කර දැමීම තුළින් සිදුවන ආධාරණයට එරෙහිව නැඟි සිටි ක්‍රිඩා ප්රවෘත්ති වාර්තාකරුවෙකු ද ස්වාධීන රූපවාහිනි සුරැකිමේ සංවිධානයේ සභාපති, ලේකම්, සංවිධායක තනතුරු දැරී තිදෙනෙකු මේ වන විට සේවයෙන් ඉවත් කර තිබේ. එසේම ඔවුන් ස්වාධීන රූපවාහිනි සේවයේ ස්ථීර පත්වීම් ලැබු වසර 05 කට වඩා වැඩී කාලයක් සේවයේ නියුතු පිරිසක් වේ. ඔවුන් පවසන්නේ මේ වන විට ස්වාධීන රූපවාහිනි සේවය පාඩු ලබමින් පවත්වා ගෙන යනු ලබන ආයතනයක් බවයි. සේවකයින්ට මාස දෙකක වැටුපක්වත් ගෙවීමට නොහැකිව සිටින බවත් මේ වන විට අලෙවි අංශයේ පවා කටයුතු අඩාල මට්ටමක පවතින බවයි.
අලෙවි අංශයේ ඉහළම නිලධාරියා ලෙස පත් කර ඇත්තේ ද කිසිදු වගකීමක් නොමැති පුද්ගලයෙකු බව ස්වාධීන රූපවාහිනි සුරැකිමේ සංවිධානය අප වෙත කියා සිටියේය. කෙසේ වෙතත් ඔවුන් පවසන්නේ පුද්ගලයින් වශයෙන් පත්වන කිසිදු අයෙකු සමඟ කිසිදු අමනාපනයක් නොමැති නමුත් ඇතැම් තනතුරු සම්බන්ධයෙන් ඔවුන්ට ප්රුශ්ණ ඇති බවයි. ආයතනයේ චක්‍රලේඛ පවා උල්ලංඝනය කරමින් ඇතැම් තනතුරු සඳහා පුද්ගලයින් බඳවා ගැනීම තුළීන් ආයතනයට ලාභයක් නොව පාඩුවක් අත්පත්වන බව ස්වාධීන රූපවාහිනි සුරැකිමේ සංවිධානය අප වෙත වැඩිදුරටත් කියා සිටියේය.
අප මේ පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවෙන් ද විමසිමක් කළේය. එම කොමිෂන් සභාවේ විමර්ශන නිලදාරිවරයෙකු අප වෙත කියා සිටියේ ස්වාධින රුපවාහිනිය සම්බන්ධයෙන් තම කොමිෂන් සභාව වෙත පැමිණිලි ලැබී ඇති බවයි. අදාළ අලෙවි අංශයේ නිලධාරියා සම්බන්ධයෙන් ද එම පැමිණිලේ සඳහන් කර ඇති බව ඔහු අප වෙත තහවුරු කළේය. කෙසේ වෙතත් රුපවාහිනි මාධ්‍ය ආයතනයක් වශයෙන් මේ වන විට පහල මට්ටමක පවතින මෙම ආයතනය යළි නගා සිටුවන්නේ කවදාද? දේශපාලන අතපෙවිම් රාජ්‍ය මාධ්‍ය ආයතන වලින් ඉවත් වන්නේ කවදාද?