ජනාධිපතිවරණයත් සමඟ රටේ දේශපාලන පක්ෂවල සහාය ප්‍රධාන පක්ෂ දෙකේ අපේක්ෂකයින්ට බෙදි යන බව පසුගිය දිනවලදී දකින්නට හැකිවුණා. පොදු ජන පෙරමුණ නියෝජනය කර තරඟ වදින ගෝඨාභය රාජපක්ෂ සමඟ පසුගිය 31 වනදා දින පක්ෂ 17 ක් සන්ධාන ගත විම සිදු විය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙනුවෙන් එහි ප්‍රධාන ලේකම් සාගර කාරියවසම් මහතා, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධාන ලේකම් දයාසිරි ජයසේකර මහතා, මහජන එක්සත් පෙරමුණ වෙනුවෙන් එහි ප්‍රධාන ලේකම් තිස්ස ජයවර්ධන යාපා මහතා, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය වෙනුවෙන් එහි ලේකම් ඩිව්. ගුණසේකර මහතා, ලංකා සමසමාජ පක්ෂය වෙනුවෙන් එහි ලේකම් මහාචාර්ය තිස්ස විතාරණ මහතා, ප්රජාතන්ත්රවාදි වාමාංශක පෙරමුණ වෙනුවෙන් එහි ලේකම් වාසුදේව නානායක්කාර මහතා නව ගිවිසුමට අත්සන් තැබූ අතර, ජාතික නිදහස් පෙරමුනේ ලේකම් පි. ඒ. එස්.විජේසිරි මහතා, පිවිතුරු හෙළ උරුමයේ ලේකම් උපුල් විජේසේකර මහතා, ලංකා කම්කරු කොංග්‍රසයේ ලේකම් අනුෂීයා සිවරාජා මහත්මිය, ඊළාම් ජනතා ප්රජාතන්ත්රවාදී පක්ෂය වෙනුවෙන් එහි ලේකම් ඩග්ලස් දේවානන්දා මහතා,ජාතික කොංග්‍රසයේ ලේකම් ඒ. එල්.එම්. අතාවුල්ලා මහතා, ශ්‍රී ලංකා මහජන පක්ෂය වෙනුවෙන් එහි ලේකම් අසංක නවරත්න මහතා, දමිල මහජන විමුක්ති සංවිධානය වෙනුවෙන් එහි ලේකම් පි. නිශාන්තන් මහතා, විජය ධරණී ජාතික සභාව වෙනුවෙන් එහි ලේකම් පූජ්‍ය අතුරලියේ රතන හිමි, එක්සත් මහජන පක්ෂය වෙනුවෙන් එහි ලේකම් ටිරාන් අලස් මහතා, මුත්පෝක්කුත් තමිලර් කච්චි පක්ෂය වෙනුවෙන් එහි ලේකම් යෝගනාදන් රොෂ්මන් මහතා මෙම ගිවිසුමට අත්සන් තැබීය.
මේ අතර අද (01) දින හිටපු චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග විසින් එක්සත් ජාතික පක්ෂය සමඟ ගිවිසුමකට අත්සන් තැබුවේ කොළඹදීය.
කෙසේ වෙතත් දෙමළ ජාතික සන්ධානයේ සහාය හිමිවන්නේ කාටද?
මෙතෙක් ඔවුන් ඒ සම්බන්දයෙන් නිල වශයෙන් ප්‍රකාශයක සිදු කර නොමැත. කෙසේ වෙතත් එක්සත් ජාතික පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග කියා සිටියේ දෙමළ ජාතික සන්ධානයේ කොන්දේසි විරහිතව පුර්ණ සහාය හිමිවන බවයි. ඔවුන්ගේ සහාය ලැබීම පිළිබඳ ප්‍රකාශය මැතිවරණය දින ආසන්න වන විට ප්‍රකාශයට පත් කරනු ඇති බව එම දේශපාලන ආරංචි මාර්ග වැඩිදුරටත් කියා සිටියේය.
දිලිනි සමන්මලි