• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

විපක්ෂනායකත්වය රනිල්ටයි…. ! ස්ථීරයි…

26 November 2019
in දේශීය

2015 වසරේ සිට මේ දක්වා අමාත්‍ය ධුරයන්, අග්‍රාමාත්‍ය ධුරය මෙන්ම විපක්ෂය වෙනස් වුයේ දේශපාලන බලපෙරළියත් සමඟයි. 2015 වසරේ පැවැති ජනාධිපතිවරණයෙන් පසු යහපාලන රජය බලයට පැමිණි පසුව විපක්ෂනායක ධුරය දැරවු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් සිරිපාල ද සිල්වා විසින්.

2015 වසරේදීම ජාතික ආණ්ඩුව සඳහා එක්සත් ජාතික පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගිවිසුම් අත්සන් කිරීමත් සමඟ විපක්ෂනායකත්වය හිමි වුයේ දෙමළ ජාතික සන්ධානයටය. ඒ පාර්ලිමේන්තුවේ වැඩි ආසන ප්‍රමාණයක් සහිත පක්ෂය දෙමළ ජාතික සන්ධානය වීම හේතුවෙනි.

එම සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්.සම්බන්ධ මහතා විපක්ෂනායක ධුරය 2015 සිට 2018 දක්වා දැරුවේය. පසුගිය 2018 වසරේ ඔක්තෝම්බර් මාසයේදී අග්‍රාමාත්‍යවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා පත් කිරීමේදී ඇති වු දේශපාලන අර්බුධය හේතුවෙන් පාර්ලිමේන්තුවේ ආසන පිළිබඳ යළි කරලියට පැමිණියේය.

එහිදී පිළිගත් විපක්ෂයක් වශයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් මහින්ද අමරවීර මහතා විසින් කථානායකවරයා වෙත ලිපියක් යොමු කරමින් සඳහන් කර සිටියේ මහින්ද රාජපක්ෂ මහතා හට විපක්ෂනායක ධුරය ලබා දෙන ලෙසයි. එහිදී එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන අමාත්‍ය ධුරයවලින් පවා ඉවත් වන බවයි.  ඒ අනුව විපක්ෂනායක ධුරය දැරුවේ මහින්ද රාජපක්ෂ මහතා විසිනි.

කෙසේ වෙතත් මේ වන විට විපක්ෂනායක ධුරය සම්බන්ධයෙන් විවිධ කතා ඇති වුවත් දේශපාලන විචාරකයින් කියා සිටින්නේ පාර්ලිමේන්තුවේ වැඩිම ආසන සංඛ්‍යාවක් ඇති පක්ෂයට විපක්ෂනායක ධුරය හිමි වන බවයි. පක්ෂය සම්බන්ධයෙන් හැම අවස්ථාවකදී වගකීම ගන්නේ පක්ෂ මහලේකම්වරයාය.

ඒ අනුව 2019 ජනාධිපතිවරණ මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයා පරාජයට පත් වු පසු ඔවුන් සිය අමාත්‍ය ධුර අතහැර විපක්ෂයේ අසුන් ගත යුතුය. නමුත් මේ වන විට එජාපයේ අර්බුධය වන්නේ විපක්ෂනායක ධුරයයි. පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහට නිතරගයෙන් විපක්ෂනායක ධුරය හිමිවිය යුතුය. නමුත් ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වු සජිත් ප්‍රේමදාස හට විපක්ෂනායක ධුරය හිමිවිය යුතු බවට ඔහු වටා සිටින පිරිස් පවසන්නේය. මෙය අර්බුධකාරිතත්ත්වයකි.

දේශපාලන විචාරකයින් කියා සිටියේ එජාපය සෑබෑවින්ම ජනාධිපතිවරණයකට සුදානමක්ව නොසිටි බවයි. ඒ අනුව ජනාධිපතිවරණයේ දින නියම වු පසුවත් එය නිවැරදිව ක්‍රියා කිරීමට අසමත් වු බවයි. මේ අනුව ඔවුන්ට මෙම සටනේදී විපක්ෂයේ අසුන් ගැනීමට අනිවාර්යෙන්ම සිදුවන බව දේශපාලන විචාරකයින් කියා සිටියේ. කෙසේ වෙතත් මේ වන විට පවතින අර්බුධ තවත් වැඩි නොකර එය ප්‍රබල විපක්ෂයක් වීම වඩාත් සුදුසු වනු ඇති බව එම විචාරකයින් අවධාරණය කළේ.

එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා 1994-2001 දක්වා ද 2004-2015 තෙක්ම සහ 2019 සිට තව කාලයක් දීර්ඝතම විපක්ෂනායක ධුරය දැරි පුද්ගලයා ලෙස ඉතිහාසගත වනු ඇත.

දිලිනි සමන්මලි

Post Views: 4
Previous Post

මොහාන් සමරනායක ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ධුරයට

Next Post

කිසිවෙකු නීතියට ඉහළින් නැති බව ට්‍රම්ප්ට අධිකරණයෙන් කියයි

editor

editor

Next Post

කිසිවෙකු නීතියට ඉහළින් නැති බව ට්‍රම්ප්ට අධිකරණයෙන් කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved