27 April 2024
#විදෙස්

කිසිවෙකු නීතියට ඉහළින් නැති බව ට්‍රම්ප්ට අධිකරණයෙන් කියයි

අමෙරිකාවේ පසුගිය ජනාධිපතිවරණයේදී රුසියාව විසින් සිදු කරනු ලබන බව යැයි කියන බාධාකිරිම් සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කල කමිටුවෙ සාක්ෂි ලබා දීමට සහ එහි විමර්ශනයට ධවල මන්දිරයේ හිටපු නීතිඥ ඩොන් මැක්ගාන්ට කැඳවීමක් සිදු කර තිබේ.

එම කැඳවීම සඳහා නොයන ලෙසත් ධවල මන්දිරයේ මේ වන විට සේවය කරන සහ සේවය කරපු සියළු නිලදාරින්ට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

අමෙරිකානු ජනාධිපතිවරයාගේ මෙම ප්‍රකාශයට එරෙහිව එරට දිසා විනිසුරු කෙතංජි බ්‍රවුන් ජැක්සන් පැවසුවේ කිසිවෙකු නීතියට ඉහළින් නොසිටින” බවයි. එසේම එම පරික්ෂණ සඳහා අදාළ නිලධාරින් යොමු කරන ලෙස විනිසුරිය නියෝග කර තිබේ.

 

දිලිනි සමන්මලි 

Leave a comment

Your email address will not be published. Required fields are marked *