යල්පැන ගිය දේශපාලන පක්ෂවල මතවාද වෙනුවට නව දේශපාලන මතවාද කරළියට ගෙන ආ යුතු නමුත් එය වෙනස් කිරීමට විජේදාස ඉදිරිපත් කරන ව්‍යවස්ථා සංශෝධනය ගෝත්‍රික එකක් බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.
එම පෙරමුණේ ප්රචාරක ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා අද (02) මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියේ විජේයදාස රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කර ඇති ව්‍යවස්ථා සංශෝධනය 18 වන ව්‍යවස්ථා සංශෝධනයට සමාන බවයි. විධායක ජනාධිපති බලතල අඩු කරලා ස්වාධීන කොමිෂන් සභා ඇති කරලා තිබියදී නැවත ඒවා අහෝසි කිරීමට යාම ඉතාම ගෝත්‍රික පියවරක් බවත් එය අවස්ථාවාදී දේශපාලනයක් බව හෙතෙම පැවසිය.
ඒ සමබන්ධයෙන් විජිත හේරත් මන්ත්‍රීවරයා මෙසේ වැඩිදුරටත් අදහස් පල කර සිටියේය ” ඒ වගේම 22වැනි සංශෝධනය ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන්නේ ව්‍යවස්ථාදායක සභාවට තිබෙන බලය ජනාධිපතිවරයා වෙත පැවරීමයි. මේ වනවිට ඇතැම් ක්‍රියාමාර්ග ව්‍යවස්ථා සභාව සහ ජනාධිපතිවරයා මැදිහත්ව අවබෝධයෙන් සිදුවෙනවා. නමුත් එම ක්‍රියාමාර්ගවල තීරණ ගැනීමේ පූර්ණ බලය ජනාධිපතිවරයා වෙත පැවරීමයි විජේදාස යෝජනා කරන්නේ. එය සාධනීය පියවරක් නෙවෙයි. එය අපි අනුමත කරන්නේ නැහැ. ඒ වගේම එවැනි තැනකට තල්ලූ වෙනවා කියන්නේ නැවතත් 18වැනි සංශෝධනයට යෑමට සමාන වෙනවා. විධායක ජනාධිපති බලතල අඩු කරලා ස්වාධීන කොමිෂන් සභා ඇති කරලා තිබියදී නැවත ඒවා අහෝසි කිරීමට යාම ඉතාම ගෝත්‍රික පියවරක්. ඒ වගේම අවස්ථාවාදී දේශපාලනයක්. විජේදාස රාජපක්ෂ මේ කරමින් තිබෙන්නේ අලූත් ජනාධිපතිවරයාගේ හිත දිනාගෙන කොහොම හරි මන්ත්‍රිකමක් ලබාගැනීමේ අවස්ථාවාදී දේශපාලනයක්. ඒ වගේම ඔහු ක්‍රියාත්මක වෙන්නේ ඉතාම පරස්පර විරෝධීවයි. මහින්ද රාජපක්ෂ පිලේ ඉඳලා අනෙක් පැත්තට පැන්න විජේදාස විධායක ජනාධිපති ක්‍රමය බරපතළ ලෙස විවේචනය කළා. නමුත් අද රාජපක්ෂ පිලට පැනලා ඊට හාත්පසින්ම විරුද්ධ දෙයක් කියනවා. ඒ වගේම ආණ්ඩුව ජනතාවට පැහැදිලි කළ යුතුව තිබෙනවා, තමන්ගේ පාලන කාලය තුළ ඒකාධිපති බලතල වැඩි කරගන්නවාද නැත්නම් ජනතාවාදී ක්‍රියාමාර්ගවලට පමණක් බලය ඉල්ලනවාද කියලා. නමුත් ආණ්ඩුව උත්සාහ කරමින් තිබෙන්නේ තමන්ගේ බල වුවමනාවට ඒකාධිපති බලතල වැඩිකරගන්න ක්‍රියාමාර්ගයි. ඒ නිසා පාර්ලිමේන්තුවේ ඕනෑම දේකට අත උස්සන මන්ත්‍රීවරුන් පත් කර යවනවා වෙනුවට මුදලට, බලයට විකිණෙන්නේ නැති මන්ත්‍රීවරුන් පත් කිරීමෙන් පමණයි මෙම ජනතා විරෝධී ක්‍රියාමාර්ග නතර කළ හැකි වන්නේ. යැයි මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේය.
දිලිනි සමන්මලි