ශ්‍රී ලංකා පාපැදි සංගමය නියෝජනය කරන ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහ නිලධාරීන් විසින් මෙවර පැවති 13 වැනි දකුණු ආසියානු ක්‍රීඩා (SAG Games -2019) තරගාවලියෙහි පාපැදි අංශයේ ඩවුන්හිල් තරගය මගහැර ඇති බව ක්‍රිඩා අමාත්‍යංශය පවසයි.
ඒ හේතුවෙන් 2019 අංක 24 දරන ක්‍රීඩාවට අදාළ අපරාධ වැළැක්වීම සම්බන්ධ පනත උල්ලංඝණය කර ඇත්දැයි සොයා බලා 2020 ජනවාරි 20 හෝ ඊට පෙර අධ්‍යාපන, ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා දැනුවත් කරන මෙන් ඒ සම්බන්ධ ව ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් පත්කර ඇති ත්‍රිපුද්ගල කමිටුවට දැනුම් දී තිබේ.
නීතීඥ සංජීව එදිරිසිංහ මහතාගේ සභාපතිත්වයෙන් යුත් එම කමිටුවෙහි මේජර් ජනරාල් අතුල ගලගමගේ මහතා සහ ප්‍රියන්ත ඒකනායක මහතා කමිටු සාමාජිකයන් ලෙස කටයුතු කරයි.
දිලිනි සමන්මලි