27 April 2024
#දේශීය

ජාතික අයවැය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ලෙස ජූඩ් නිලුක්ෂාන් මහතා වැඩ භාර ගනී

මහා භාණ්ඩාගාරයේ ජාතික අයවැය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස අමාත්‍ය මණ්ඩලය විසින් පත් කර ඇති ජූඩ් නිලුක්ෂාන් මහතා අද (07) දින සිය ධුරයේ රාජකාරි කටයුතු ආරම්භ කර තිබේ.

අමාත්‍ය මණ්ඩල කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරයකු ලෙස කටයුතු කරමින් සිටි ඒ මහතා මීට පෙර ජාතික අයවැය දෙපාර්තමේන්තුවේ ම සහකාර අධ්‍යක්ෂ ධුරයේ සහ අධ්‍යක්ෂ ධුරයේ කටයුතු කර තිබේ. ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයකු ලෙස ද කලක් සේවය කළ ජූඩ් නිලුක්ෂාන් මහතා ශ්‍රී ලංකා පරිපාලන සේවයේ පළමු ශ්‍රේණියේ නිලධාරියෙකි.

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙන් මූලික උපාධිය ලබා ගෙන ඇති ඒ මහතා දකුණු කොරියාවේ Kyung Hee විශ්ව විද්‍යාලයේ ජාත්‍යන්තර වෙළෙඳාම සහ ආර්ථික සහයෝගීතාව පිළිබඳ පශ්චාත් උපාධිධාරියෙකි.

 

දිලිනි සමන්මලි 

Leave a comment

Your email address will not be published. Required fields are marked *