• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනය වැඩි කරන්න – අභිමානී කාන්තා ව්‍යාපාරය

10 March 2020
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
රටේ  උත්තරීතර ආයතනය වන පාර්ලිමේන්තුව තුළ කාන්තා නියෝජනය වැඩි කිරීමට දේශපාලන පක්ෂ නායකයන් සිය දිස්ත්‍රික් නාමයෝජනා ලබා දීමේ දී වෘත්තීය හා සමාජ ක්‍රියාකාරිනී කාන්තාවන් සදහා වැඩි ඉඩක් ලබාදීය යුතු බව හා නම් කළ මන්ත්‍රී ලැයිස්තුවෙන් ද 25%ක නියෝජනයක්වත් ලබා දීමට කටයුතු කරනා ලෙස අභිමානී කාන්තා ව්‍යාපාරය ඉල්ලයි.

 
 අභිමානී කාන්තා ව්‍යාපාරයේ සභාපතිනී හිටපු බස්නාහිර පළාත් සභා මන්ත්‍රීනී නිරෝෂා අතුකෝරාළ මේ ඉල්ලීම සිදුකළ අතර ඒ ඊයේ (08)  පන්නිපිටිය ජාතික හෙළ උරුම කාර්යාලයේ දී  පැවැති මාධ්‍ය හමුවේදීය.
 
ලෝක  කාන්තා දිනය නිමිත්තෙන් පැවැත්වූ මෙම මාධ්‍ය හමුවේ දී සියලු ම දේශපාලන පක්ෂ නායකයන් දැනුවත් කරමින් යවන ලද ලිපියක් ඉදිරිපත් කළ අතර එම ලිපිය පහත දැක්වේ.
 
 

සියලූම දේශපාලන පක්ෂ නායකයන් වෙත,

ගරු පක්ෂ නායකතුමනි,

2020 පාර්ලිමේන්තු මහ මැතිවරණයේ කාන්තා නියෝජනය වැඩිකිරීම සඳහා

කරනු ලබන ඉල්ලීමයි.

ජාත්‍යන්තර කාන්තා දිනය සමරන මෙවන් මොහොතක ශ්‍රී ලාංකික සමාජය ලෙස එක් අතකින් සතුටුවිය හැකි මට්ටමේ ප‍්‍රගතියක් කාන්තාව තුළ අප ඇතිකරගෙන තිබේ. දේශපාලනික වශයෙන් ගත් කල්හි ලොව පළමුවෙන් ම කාන්තාවට ඡුන්දබලය ලබාදුන් රටක් වීමත්, ලොව පළමු අගමැතිවරිය ශ්‍රී ලංකාවෙන් බිහිවීමත් ඒ ප්‍රගතිය කියාපාන සාධක වී තිබේ. 

එසේම අප රට තුළ රාජ්‍ය අංශයේ කාන්තාවගේ නියෝජනය සීඝ‍්‍රයෙන් වර්ධනය වී ඇති අතර ග්‍රාමසේවා නිළධාරිණියගේ පටන් අමාත්‍යංශ ලේකම් ධුරය දක්වා බහුතරයක් විධායක තනතුරු කාන්තා පාර්ශවය විසින් අත්කරගෙන සිටිති. රටක් ලෙස සෑම ක්ෂේත්‍රයකම කාන්තාව වැඩි නියෝජනයක් ලබා ගෙන තිබීම සතුටු විය යුතු කරුණකි. එහෙත් ලාංකික සමාජය තුළ ඇයට බලපාන ඇතැම් ප්‍රශ්නවලට ස්ථිරසාර විසදුම් සෙවීමට නොහැකී වීමට ප්‍රධානම බාධාව වී ඇත්තේ රටේ නීති කෙටුම්පත් කරන උත්තරීතර ආයතනය වන පාර්ලිමේන්තුව තුළ කාන්තා නියෝජනය අවම මට්ටමක පැවතීමයි. 

එකී තත්වය සැලකිල්ලට ගෙන ජාත්‍යන්තර කාන්තා දිනය සමරන එමෙන් ම මහමැතිවරණයක් ප්‍රකාශයට පත් කර ඇති මෙවන් මොහොතක කාන්තාවන් සඳහා පාර්ලිමේන්තුව තුළ පවතින නියෝජනය වැඩිකිරීම කාලෝචිත ක්‍රියාවක් බව අපගේ විශ්වාසය වන අතර ඒ සඳහා ඇතැම් දේශපාලන පක්ෂ විසින් ඉදිරිපත් කර තිබු කාන්තාවන් සඳහා නම් කළ මන්ත්‍රී ලැයිස්තුවෙන් 20%ක් වෙන්කිරීමට අදාල යෝජනාව ද සැලකිල්ලට ගන්නා ලෙස දන්වනු කැමැත්තෙමු.

එමෙන් ම අපට අද අවශ්‍යව ඇත්තේ කාන්තා ප්‍රශ්න සෘජු ලෙස සාකච්ඡාවට හා විසදුම් සෙවීමට ශක්‍යතාවය ඇති ගුණාත්මක කාන්තා නියෝජනයක් පාර්ලිමේන්තුව තුළ ඇති කර ගැනීමටයි. දැනටමත් පලාත් පාලන ආයතනවල කාන්තාවන් 25‍%ක නියෝජනයක් ඇතිකර ඇති මෙවන් පසුබිමක එළැඹෙන මහමැතිවරණයේ දී ඔබතුමන්ගේ දේශපාලන පක්ෂයෙන් වෘත්තීය හා සමාජ ක්‍රියාකාරී කාන්තාවන් සදහා නාමයෝජනා ලබා දීමට ද, ජාතික ලැයිස්තුවෙන් (නම් කළ මන්ත්‍රී) පත්කිරීම් සිදුකිරීමේ දී ද වැඩි ඉඩක් කාන්තාවන්ට ලබා දීමට ද කටයුතු කරනා ලෙස අප ගෞරවයෙන් ඉල්ලා සිටිමු. එසේම කාන්තා නියෝජනය විහිලුවට ලක්වන ලෙස නොව එය ගුණාත්මක ලෙස උපයෝගීකර ගත හැකිවන පරිද්දෙන් සිදුකරනා හැටියට ද ඔබ පක්ෂ නායකත්වයෙන් අප ඉල්ලා සිටීමට කැමැත්තෙමු. 

ලොව පුරා කාන්තාවන්ගේ අයිතීන් සුරැකෙන හා ඒ සම්බන්ධයෙන් විශේෂ කථිකාවක් සිදුවන අදවන් දිනක ශ්‍රී ලාංකික කාන්තාවන් ලෙස අප ඉල්ලා සිටිනුයේ එයයි.

මෙයට,

නිරෝෂා අතුකෝරාළ

සභාපතිනී

Post Views: 2
Previous Post

කාන්තා පීඩනය නැති කිරීමේ මාර්ගය ඇගේ ආර්ථික තත්ත්වය ශක්තිමත් කිරීමයි – පවිත්‍රා

Next Post

රනිල් මෙන්ම මහින්දත් දැන් ගෙදර යන්න කාලේ හරි – තිස්ස අත්තනායක

editor

editor

Next Post

රනිල් මෙන්ම මහින්දත් දැන් ගෙදර යන්න කාලේ හරි - තිස්ස අත්තනායක

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
දැන් දඩේ ගෙවන්නත් ලේසි කරලයි තියෙන්නේ

දැන් දඩේ ගෙවන්නත් ලේසි කරලයි තියෙන්නේ

1 July 2025
මන්ත්‍රී ජගත් විතානගේ හෝටලයේ රහස් සාකච්ඡා (video)

මන්ත්‍රී ජගත් විතානගේ හෝටලයේ රහස් සාකච්ඡා (video)

1 July 2025
සේවකයන්ගේ ශ්‍රමය සූරා අති සුඛෝපභෝගී ජීවිත ගෙවන ජෙෆ් බේසෝස්ගේ මඟුල

සේවකයන්ගේ ශ්‍රමය සූරා අති සුඛෝපභෝගී ජීවිත ගෙවන ජෙෆ් බේසෝස්ගේ මඟුල

1 July 2025
ප්‍රමිතියට දෙන්න බැරි නම් වෙන රස්සාවක් හොයාගන්න (video)

ප්‍රමිතියට දෙන්න බැරි නම් වෙන රස්සාවක් හොයාගන්න (video)

1 July 2025

Recent News

දැන් දඩේ ගෙවන්නත් ලේසි කරලයි තියෙන්නේ

දැන් දඩේ ගෙවන්නත් ලේසි කරලයි තියෙන්නේ

1 July 2025
මන්ත්‍රී ජගත් විතානගේ හෝටලයේ රහස් සාකච්ඡා (video)

මන්ත්‍රී ජගත් විතානගේ හෝටලයේ රහස් සාකච්ඡා (video)

1 July 2025
සේවකයන්ගේ ශ්‍රමය සූරා අති සුඛෝපභෝගී ජීවිත ගෙවන ජෙෆ් බේසෝස්ගේ මඟුල

සේවකයන්ගේ ශ්‍රමය සූරා අති සුඛෝපභෝගී ජීවිත ගෙවන ජෙෆ් බේසෝස්ගේ මඟුල

1 July 2025
ප්‍රමිතියට දෙන්න බැරි නම් වෙන රස්සාවක් හොයාගන්න (video)

ප්‍රමිතියට දෙන්න බැරි නම් වෙන රස්සාවක් හොයාගන්න (video)

1 July 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

දැන් දඩේ ගෙවන්නත් ලේසි කරලයි තියෙන්නේ

දැන් දඩේ ගෙවන්නත් ලේසි කරලයි තියෙන්නේ

1 July 2025
මන්ත්‍රී ජගත් විතානගේ හෝටලයේ රහස් සාකච්ඡා (video)

මන්ත්‍රී ජගත් විතානගේ හෝටලයේ රහස් සාකච්ඡා (video)

1 July 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved