කොරෝනා වසංගතය මැඩීමට සඳහා කැපවී ක්‍රියා කරන වෛද්‍යවරුන්ට සහ සියලු සෞඛ්‍ය කාර්ය මණ්ඩල වෙත දිරිදීමනා පහසුකම් ලබාදීමට කටයුතු කරන ලෙස හෙළ බොදු සවිය සංවිධානය සෞඛ්‍ය අමාත්‍යවරිය වෙත අවධාරණය කර ඇත.
ඒ සම්බන්ධ ව අද (07) එම සංවිධානය විසින් මාධ්‍ය නිවේදනයක් ද නිකුත් කර ඇති අතර ඒ සභාපති බුදුගල ජිනවංශ හිමි ගේ අත්සනින් යුතුවය.
එම විවෘත නිවේදනය පහත දැක්වේ.
ගරු සෞඛය ඇමැතිතුමියනි
කොරෝනා වංසගතය මඩින්න කැප වි ක්‍රියා කරන වෛද්‍යවරුන්ට හා
සියලු සෞඛ්‍ය කාර්යමණ්ඩලවලට දිරි දිමනා පහසු කම් දෙන්න..
කොරෝනා වෛරසය අද වන විට ලෝකය පුර ව්‍යසනයක් ලෙස වර්ධනය වි ඇත. ලංකාවට ද මෙම කොරෝනා වෛරසය අතිශයින්ම බලපෑම් කරමින් පවතින යුගයකි. එම නිසා අප සෞඛ්‍ය අංශ කෙරෙහි වැඩි අවධානයක් යොමු කළ යුතුය. ත්රස්වාදය පැවැති යුගයේ අපගේ රණවිරුවන් රට රකින දෙවිවරුන්ය. රණවිරුවන්ගේ දෙමාපියන්ට, භාර්යාවන්ට, දරුවන්ට ද, එක ලෙස ගරු කරන ලදි. අද වන විට සෞඛ්‍ය අංශවල සේවය කරන වෛද්‍යවරුන්, ඇතුළු සියලු සෞඛ්‍ය අංශවල සියලු කාර්යමණ්ඩල අප දෙවිවරුන් ලෙස දැකිය යුතුය. අප එදා රණවිරුවන් රැකියාවක් ලෙස සැළකුවේ නැත.ඒ ආකරයෙන්ම අද රැකියාවක් ලෙස නොව රට දැය සුරකින දැයේ සෞඛ්‍ය සේවයේ නිරත විරුවන් ලෙස සැළකිය යුතුය. යම් විදියකින් කොයිඩ් 19 බෝවි සෞඛ්‍ය අංශවල කෙනෙකු මියගිය හොත් ඔහුගෙන් හෝ ඇයගෙන් යැපෙන අයට අග්‍රහාර රක්ෂණයට අමතරව සෞඛ්‍ය ක්ෂ්ත්‍රෙය් සේවකයන්ට නව රක්ෂණ ක්‍රමයක් සකස් කර දිය යුතුය.
අද වන විට රජයේ වෙනත් සේවාවන් සිදු නොවන තරමට අක්‍රිය වි ඇත.එහෙත් සෞඛ්‍ය සෙවාවන් හා අරක්ෂක අංශ දිවා රැ නොබලා කොයිඩ් 19 මැඩලීමට කටයුතු කරයි. එම නිසා ආරක්ෂක අංශ හා සෞඛ්‍ය අංශ සඳහා ආරක්ෂක පහසුකම් සැපයීම,ක්ෂේත්‍ර රාජකාරි සඳහා ප්‍රවාහන පහසුකම් සැපයීම, ආහාර ඇතුළු මූලික පහසුකම් සැපයීම,අත්‍යාවශ්‍ය නෛතික ප්‍රතිපාදන සකස් කිරිම ආදිය ආණ්ඩුවකින් බලාපොරොත්තු වන්නකි. තවද සිංහල අවුරුදු උත්සවය වෙනුවනේ විශේෂ දිරි දිමානවක් දිම කාලෝචිතය. එසේ නොමැතිව ජනමාධ්‍ය මගින් සෞඛ්‍ය අංශවල අය මිහිපිට දෙවියෝ යයි ප්‍රකාශ කිරිමෙන් පලක් වන්නේ නැත. පසුගිය දිනක මහජන සෞඛ්‍ය පරික්ෂකවරයකුට යම් පහර දිමක් ද සිදු විය. එම නිසා ඒ අයට විශේෂ ජිවිත රක්ෂණයක් ලබා දිම හා එම සෞඛ්‍ය අංශවල රැකියවක් ලෙස නොව සේවාවක් ලෙස සලකා දිරි දිමනා හා පහසු කම්වැඩි කලයුතුය.
දිවයින පුරා සියළු සෞඛ්‍ය සේවා ආයතන වල සේවය කරන සියළුම සෞඛ්‍ය සේවකයින් හා නිලධාරීන් තම ජීවිතය පමණක් නොව තම දරුවන්, බිරිඳ, ස්වාමියා ද දෙමාපියන්ගේ ජිවිත අවදානමට ලක්කර සේවය කරති. ඒ කොවිඩ් -19 වසංගත රෝග තත්වය මේ මිහිතලයෙන් තුරන් කිරිමටය. එබැවින් දැනට සෞඛ්‍ය අංශවල වැඩ කරන නිළධාරින්ට හා සේවකයන්ට උත්සව දිමනාව ද අත්තිකාල දිමන ලැබි නැත. ලක්ෂ 10ට වඩා ණය ගත්ත බහුතර සේවකයන් ප්‍රමාණයක් සිටිති. එම අයගේ ණය කපා හරින බව සඳහන් වුවත් එය සිදුව නැත. එබැවින් කැපවීමෙන් සේවය කළ ද ඔවුන්ට ලැබිය යුතු පහසුකම්වත් ලබා දිමට සෞඛ්‍ය බලධාරින් වහාම ක්‍රියා කළ යුතුය. ආගමික නායකයන් ද ජනතා නායකයන් ද ජන මාධ්‍ය ද ජනතාවද මෙම අවස්ථාවේ සෞඛ්‍ය හා අරක්ෂක අංශ කරන්නා වු කැප විම නිතැතින්ම ඇගයීම ලක් කළයුතුය.
බුදුගල ජිනවංස හිමි
සභාපති – හෙළ බොදු සවිය. 0773071950 – 0718124505