• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

චීනයේ ෂැංහයි නාගරික රජයෙන් කොළඹ නගර සභාවට සෞඛ්‍ය ආරක්ෂිත උපකරණ තොගයක්

2 May 2020
in සංවර්ධන

චීනයේ ෂැංහයි නාගරික රජයෙන් කොළඹ මහ නගර සභාවේ ජන සෞඛ්‍ය දෙපාර්තමේන්තුව වෙත KN 95 Non – Medical Masks 20000 ක්, Medical Protective Clothing 210 ක් සහ goggles 300 ක් චීන තානාධිපති කාර්යාලයේ Luo Chong (Spokes person and Chief of Political Section, Embassy of China) මහතා විසින් නගරාධිපතිනය වෙත පරිත්‍යාග කරන ලදී.

මෙම පරිත්‍යාග සිදු කර ඇත්තේ කොළඹ මහ නගර සභාවේ නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මියගේ ඉල්ලීමක් පරිදිය.

එහිදි අදහස් දැක්වූ නගරාධිපතිනිය,“ මේ අවස්ථාවේදී කොළඹ මහජන සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විසින් සිදුකරගෙන යනු ලබන කාර්ය භාර්යය මා ඇගයීමට ලක්කළ යුතුයි. කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී රුවන් විජේමුණි මහතා ඇතුළු සියලුම මහජන සෞඛ්‍ය නිලධාරීන් මෙම තත්ත්වය පාලනය කිරීම සඳහා දිවි පරදුවට තබා කටයුතු කරනවා. ඔවුන් පැය 24 පුරාම ආසාදිතයන් හමු වූ ප්‍රදේශවල පරීක්ෂණ පවත්වනවා. මෙම හේතුව නිසා තමයි මෙතරම් ඉක්මනට රෝගීන් සංඛ්‍යාව හඳුනා ගැනීමටත්, මේ වෛරසය වළක්වා ගැනීමටත් කොළඹ නගරය ආරක්ෂා කර ගැනීමටත් හැකි වී තිබෙන්නේ. රට තුළ ඇඳිරි නීතිය පවතින අවස්ථාවකදීත් කොළඹ නගරයේ ජනතාවට ලබාදිය යුතු සේවාවන් ඒ අකාරයෙන්ම ලබාදීමටත්, කැළි කසළ බහැර කිරීම, නගරය පිරිසුදු කිරීම, ඩෙංගු වර්ධනය අවම කිරීම උදෙසා නගරය පුරාම දුමායන කටයුතු කිරීම, කොළඹ නගරයේ කාණු පද්ධති පිරිසුදු කිරීම, මළනළ පද්ධති විධිමත්ව පවත්වාගෙන යෑම එදා වගේම අදත් නගර සභාව මගින් සිදුකරමින් පවතින බව මා ආඩම්බරයෙන් පවසනවා.

කොළඹ නගර සභාව මගින් පවුල් 50,000 සඳහා වියළි ආහාර මලු ලබාදීමට කටයුතු කළා. ඒ වගේම ඉදිරියේදී නැවත වාරයක් කොළඹ නගරයේ අසරණ පවුල් සඳහා 10 kg සහල් මල්ලක් ලබාදීමට මූලික වි කටයුතු කරනවා. ඒ වගේම පවුල් 13,000 ක් සඳහා කොළඹ මහ නගර සභාවේ මහජනාධාර දෙපාර්තමේන්තුව විසින් මහජන ආධාර මුදලක් ලබාදීම සිදුකළා. ඉදිරි සතිය තුළ ජනතාවට ඒ මුදලත් ලබාදීමට කටයුතු කරනවා. කොළඹ නගරයේ දුශ්කරතා මධ්‍යයේ ජීවත්වන ජනතාවට අවැසි සහනයන් සැලසිමට මා නිරන්තරයෙන් කැප වී කටයුතු කරනවා. රජය මගින් ලබාදුන් රුපියල් 5000 අධාර මුදල නොලැබුණ පුද්ගලයන්ට එය ඉදිරියේදී ලබාදීමට කටයුතු කරතැයි මා විශ්වාස කරනවා. ජනතාවට සහන ලබාදීමේදී අප පක්ෂ පාට භේදයකින් තොරව කටයුතු කළ යුතුයි. ඒ වගේම මා මෙහිදී කොළඹ නගරයේ ජනතාවට ස්තූති කරනවා රජය මගින් ලබාදෙන උපදෙස්වලට අවනත වී විනයානුකූලව කටයුතු කිරීම සම්බන්ධයෙන්. මෙම වෛරසය සම්පූර්ණයෙන් මර්ධනය කළ පසු වසර ගණනාවක් යනතුරු සෞඛ්‍ය හා ආර්ථිකමය වශයෙන් අර්බුධ ගණනාවකට මුහුණ දීමට අපිට සිදුවේවි. මුළු ලෝකයම මෙම අර්බුධකාරී අවස්ථාවට මුහුණ දෙන අවස්ථාවේ දී අප සියලුදෙනා පක්ෂ පාට භේදයකින් තොරව එකමුතුව මෙම ව්‍යසනයෙන් ගොඩ ඒමට කටයුතු කරමු.

දිලිනි සමන්මලි

Post Views: 26
Previous Post

රටට අත්‍යවශ්‍ය රසායනික ද්‍රව්‍ය රට තුළම නිපදවනවා – ඇමැති විමල් කියයි

Next Post

නිදහස් වෙළඳ කලාපවල කර්මාන්ත ශාලාවල වැඩ ආරම්භ කිරීම සෞඛ්‍ය උපදෙස් මත

editor

editor

Next Post

නිදහස් වෙළඳ කලාපවල කර්මාන්ත ශාලාවල වැඩ ආරම්භ කිරීම සෞඛ්‍ය උපදෙස් මත

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved