27 April 2024
#ව්‍යාපාර

නිදහස් වෙළඳ කලාපවල කර්මාන්ත ශාලාවල වැඩ ආරම්භ කිරීම සෞඛ්‍ය උපදෙස් මත

නිදහස් වෙළඳ කලාප ආශ්‍රිත හා ඉන් පිටස්තර කර්මාන්ත ශාලා නැවත සිය නිෂ්පාදන ආරම්භ කිරීමේදී නිසි අයුරින් සෞඛ්‍ය අංශ උපදෙස් අනුව කටයුතු කිරීම අනිවාර්යය බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන්සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

අමාත්‍යවරයා කියා සිටියේ මේ සම්බන්ධයෙන් නිරන්තරුව පරීක්ෂණයක් සිදු කිරීමට ආයෝජන මණ්ඩලයටද උපදෙස් දී ඇති බවයි.

දිවයින පුරා පිහිටි නිදහස් වෙළද කලාප වල මේ වන විට කර්මාන්ත ශාලා 244 ක් සිය නිෂ්පාදන කටයුතු ආරම්භ කර තිබේ. සේවක සේවිකාවෝ 46230ක් ඒවායේ සේවය කරති.

එසේම කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන සංචාරක හා ගුවන්සේවා අමාත්‍යංශයට අයත් ආයතන යලි ආරම්භ කිරීමේදී සෞඛ්‍ය නිර්නායක නිසි ලෙස ක්‍රියාත්මක කිරීම අනිවාර්ය බව අමාත්‍යවරයා විසින් එම ආයතන ප්‍රධානීන්ට දැනුම් දී තිබේ.

 

 

දිලිනි සමන්මලි

Leave a comment

Your email address will not be published. Required fields are marked *