• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

පාර්ලිමේන්තුව යළි කැඳවන්න.. මංගල ජනපතිට කියයි

5 May 2020
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමෙන් පසු අභිනව පාර්ලිමේන්තුව යළි රැසකරණ තෙක් රාජ්‍ය සේවාවට වැටුප් ගෙවීම ඇතුළු අත්‍යාවශ්‍ය වියදම් අනුමත කරවාගැනීමට වහා පාර්ලිමේන්තුව යළි රැස් කළ යුතු බව හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.

ජනාධිපති ලේකම් ආචාර්ය පි.බී.ජයසුන්දර මහතා වෙතින් ලැබුණු ලිපියට පිළිතුරු ලබා දෙමින් හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතා කියා සිටියේ උද්ගතව ඇති අර්බුදය ව්‍යවස්ථානුකූලව විසඳීම සඳහා සහ රාජ්‍ය වියදම් අනුමත කිරීම සඳහා පාර්ලිමේන්තුව යළි කැඳවිය යුතු බවයි.

 

 

 

ප්‍රිය කර්තෘතුමනි,

ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා 05.05.2020

ජනාධිපති ලේකම්

ජනාධිපති කාර්යාලය

කොළඹ 01.

ලේකම්තුමනි,

2020 අප්‍රේල් 28 වන දින අතිගරු ජනාධිපතිතුමා වෙත ඉදිරිපත් කරන ලද මාගේ ලිපියට එවන ලද ඔබගේ පිළිතුර සම්බන්ධයෙනි.

උද්ගතව ඇති අර්බුදය ව්‍යවස්ථානුකූලව විසඳීම සඳහා සහ රාජ්‍ය වියදම් අනුමත කිරීම සඳහා පාර්ලිමේන්තුව යළි රැස්කරන මෙන් ඉල්ලමින් ජනාධිපතිතුමා වෙත පසුගිය 28 වනදා ඉදිරිපත් කරන ලද ලිපියේ වැදගත් කාරණය සම්බන්ධයෙන් පිළිතුරක් ලබා දීම පසෙකලා පරිබාහිර වෙනත් කරුණු කිහිපයක් මතු කරමින් පිළිතුරක් ඉදිරිපත් කිරීම පිළිබඳව අතිශයින් කණගාටු වෙමි. ජනතාවගෙන් කරුණු වසං කිරීම සඳහාත් ජනතාව නොමඟ යැවීමේ අරමුණින් ද පසු ගිය රජයට මඩ ගසන චේතනාවෙන් පදනම් විරහිත දේශපාලණික පිළිතුරක් එවීම ඔබ වැනි ජේ‍යිෂ්ඨ රාජ්‍ය නිලධාරියෙකු ට තරම් නොවටිනා බව ප්‍රකාශ කරමි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යනු රටේ උත්තරීතර නීතියයි. එම නීතිය කඩ නොකර ආරක්ෂා කරන බවට විශේෂයෙන් රටේ පාලකයන් ප්‍රසිද්ධියේ ප්‍රතිඥා දෙනු ලබන්නේ නීතියෙන් තොර රටක් පාලනය කරන ප්‍රජාතන්ත්‍රවාදයක් තිබිය නොහැකි යන්න උදාර සංකල්පය මතයි. රජයන් බිහි වන්නේ ද එම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් ආකාරයට ය.

වර්තමානයේ ශ්‍රී ලංකාවේ ආන්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ඔබ්බට ගිය අර්බුදයක් නිර්මාණය වී ඇත. එනම් පාර්ලිමේන්තුව විසුරුවා හැර ඇති බවට ජනාධිපති වරයා විසින් අති විශේෂ ගැසට් පත්‍රයක් මගින් නිවේදනය කර ඇති නමුදු එහි සඳහන් දිනවලට පාර්ලිමෙන්තු මැතිවරණය පැවැත්වීමට බැරිවී ඇත. එමෙන්ම එම ගැසට් නිවේදනයේම සඳහන් පරිදි විසුරුවා හැරීමෙන් පසු මාස තුනක් අවසන් වීමට මත්තෙන් එනම්, ජුනි 02, අභිනව පාර්ලිමේන්තුව රැස්කිරීමට ද නොහැකිය.

යථෝක්ත සංදර්භය තුළ ඔබගේ ලිපියේ සඳහන් ආකාරයට මෙන්ම හා ආන්ඩුක්‍රම ව්‍යවස්ථා විචාරකයන් ද පවසන පරිදි පාර්ලිමේන්තුව විසුරුවා හරිනු ලැබූ විට ඒකාබද්ධ අරමුදලෙන් මුදල් නිකුත් කිරීමටත්, වැය කිරීමටත් ජනාධිපතිවරයාට බලය ලැබෙනුයේ අභිනව පාර්ලිමේන්තුව කැඳවීමට නියමිත දින සිට ඉදිරියට මාස තුනක කාලයක් සඳහා පමණි.

2019 නොවැම්බර් මස බලයට පත්වු පොදුජන පෙරමුණු රජයට ඔවුන්ගේ නොහැකියාව මත 2020 වසර සඳහා අයවැයක් සම්මත කර ගත නොහැකිවීම මේ සියලු අර්බූදවලට හේතු විය. 2020 අප්‍රේල් 30 දිනෙන් පසුව රාජ්‍ය මුදල් වැය කිරීමට අදාළ වන පාර්ලිමේන්තුව විසින් නිසි ලෙස සම්මත කළ විසර්ජන පනතක් හෝ අතුරු සම්මත ගිණුමක් නොමැති බව සවිස්තරාත්මකව ජනාධිපතිවරයා අමතන ලද මාගේ අප්‍රේල් 28 ලිපියෙන් අවධාරණය කර ඇත්තෙමි.

ඒ අනුව පාර්ලිමේන්තුව සතු මූල්‍ය බලතල අභිබවා ඒකාබද්ධ අරමුදලෙන් මුදල් වියදම් කිරීමට ජනාධිපතිවරයාට හැකි වනුයේ මැතිවරණයෙන් පසුව ඇරඹෙන අභිනව පාර්ලිමේන්තුව රැස්වීමෙන් පසු මාස තුනක කාලයක් සඳහා පමණි. එබැවින්,අප්‍රේල් 30 වැනිදා සිට පාර්ලිමේන්තු මැතිවරණය පවත්වා නව පාර්ලිමේන්තුව රැස් කරන දින දක්වා වන කාලය තුළ රාජ්‍ය වියදම් දැරීමට තිබෙන බලතල ඔප්පු කරන්නැයි ජනාධිපති වරයාට හා රජයට අභියෝග කරමි.

කෙසේ වෙතත්, ව්‍යවස්ථාවේ 150(4) ප්‍රතිපාදන යටතේ මහ මැතිවරණයක් පැවැත්වීමට අදාළ වියදම් සඳහා ඒකාබද්ධ අරමුදලෙන් මුදල් නිකුත් කිරීමටත් වැය කිරීමටත් ජනාධිපතිවරයාට බලය ඇත. එම තත්ත්වය යටතේ හැර යථෝක්ත ව්‍යවස්ථාවේ – එනම් 150(3) – ප්‍රතිපාදන වලින් පරිබාහිරව රජයේ සේවාවන් සඳහා ඒකාබද්ධ අරමුදලෙන් මුදල් ලබා ගැනීමට හා වැය කිරීමට ජනාධිපතිවරයාට නිසි බලයක් පවරන ප්‍රතිපාදනයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නොමැත.

ඒ අනුව මා විසින් ජානාධිපති තුමා වෙත එවන ලද ලිපියෙන් ද අවධාරණය කර ඇත්තේ 2020 අප්‍රේල් 30 වෙනිදා සිට කවදා හෝ යළි පාර්ලිමේන්තුව කැඳවන තෙක් රාජ්‍ය මුදල් වැය කිරීම පිණිස නීත්‍යනුකූල බලයක් ලබා දිය හැක්කේ පාර්ලිමේන්තුවට පමණක් බවයි. 2020 ජුනි මස 20 වන දින මහ මැතිවරණය පැවැත්වෙන බව මැතිවරණ කොමිසම විසින් ප්‍රකාශයට පත් කර තිබුනා වුවද අභිනව පාර්ලිමේන්තුව රැස් වන්නේ කවදාද යන්න නිල වශයෙන් මෙතෙක් ප්‍රකාශයට පත් කර නොමැත.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 148 ව්‍යවස්ථාව ප්‍රකාර රාජ්‍ය මූල්‍ය පිළිබඳ සම්පුර්ණ පාලනය පාර්ලිමේන්තුව සතු වන බවද මෙහිදී සඳහන් කරමි.

2019 නොවැම්බර් 16 වෙනි දින පැවතී ජනාධිපතිවරණයෙන් පිහිටුවන ලද සුළුතර ආණ්ඩුවට මේ වන විට මාස 5 කට අධික කාලයක් ගතවී ඇතත් විසර්ජන කෙටුම්පතක් හෝ මාස කිහිපයකට බලපාන පරිදි අතුරු සම්මත ගිණුමක් හෝ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට සම්මත කර ගැනීමට අපොහොසත් වී ඇත.

2015 ජනවාරි මාසයේ බලයට පැමිණි එක්සත් ජාතික පක්ෂය ප්‍රමූඛ ආණ්ඩුවද මාස 9ක් පුරාවට පැවතියේ සුළුතර ආණ්ඩුවක් වශයෙන් බවද සිහිපත් කරමි. එසේ වුවත් පක්ෂ විපක්ෂ සැමගේ කැමැත්ත ලබාගත හැකි ආකාරයට 2015 වර්ෂය සඳහා අයවැයක් 2015 ජනවාරි මාසයේදීම ඉදිරිපත් කොට පාර්ලිමේන්තුවේ බහුතර කැමැත්ත ලබා ගෙන සම්මත කර ගැනීමට අපට හැකි විය.

2019 නොවම්බර් 16 වෙනිදායින් පසුව ඇරඹුන වර්තමාන සුළුතර ආණ්ඩුව විසින් පොදුවේ පාර්ලිමේන්තුවේ බහුතරයට එකඟ විය හැකි අතුරු සම්මත ගිණුමක් හෝ අයවැයක් ඉදිරිපත් කිරීමට දිගින් දිගටම අපොහොසත් වී මැසිවිලි නැගීම, ස්වකිය වගකීම් පැහැර හැරීමක් වෙනවා මෙන්ම කණගාටුදායක තත්වයක් මතු කරන්නකි.

2020 අප්‍රේල් 30 න් පසුව නීත්‍යනුකූලව ක්‍රියාත්මක කළ හැකි අයවැයක් හෝ අතුරු සම්මත ගිණුමක් හෝ පාර්ලිමේන්තුව විසින් මේ දක්වා සම්මත කර නොමැත. පසු ගිය රජය මගින් සම්මත කරන ලදුව 2020 අප්‍රේල් 30 වනදායින් අවසන් වූ අතුරු සම්මත ගිණුම ද මෙම රජය විසින් දැනටමත් උල්ලංඝණය කර තිබේ. එම අතුරු සම්මත ගිණුම අනුව ලබාගත හැකි වූ ණය සීමා ව වූයේ රු බිලියන 721 කි. එහෙත් මෙම රජය නීතිවිරෝධී ලෙස, පාර්ලිමේන්තුව විසින් අනුමත එම සීමාව ඉක්මවා ණය ලබාගෙන ඇත. එමගින් රටේ රාජ්‍ය මූල්‍ය තත්ත්වය අර්බූදයකට තල්ලු කර ඇති අතර අනාගතයේ දී පත්වන රජයකට එසේ සීමාව ඉක්මවා ලබාගන්නා ලද ණය වල නීත්‍යනුකූල භාවය සම්බන්ධයෙන් සලකා බැලීමට සිදු වනු ඇත.

එබැවින්, පත්ව ඇති මේ අවදානම් අවස්ථා සැලකිල්ලට ගෙන පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂ වල සහාය ලබා ගෙන 2020.04.30 සිට පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමෙන් පසු අභිනව පාර්ලිමේන්තුව යළි රැසකරණ තෙක් රාජ්‍ය සේවාවට වැටුප් ගෙවීම ඇතුළු අත්‍යාවශ්‍ය වියදම් අනුමත කරවාගැනීමට වහා පාර්ලිමේන්තුව යළි රැස් කළ යුතු යැයි අවධාරණය කරමි.

මෙයට – විශ්වාසී,

මංගල සමරවීර

හිටපු මුදල් අමාත්‍ය

ස්තුතියි.

 

 

Post Views: 6
Previous Post

පාසල් විවෘත කිරීම ගැන ඇමති කියයි !

Next Post

රූපලාවන්‍යගාර සහ සැලූන් විවෘත කිරීමට සෞඛ්‍ය අමාත්‍යවරියගෙන් අනුමැතිය

editor

editor

Next Post

රූපලාවන්‍යගාර සහ සැලූන් විවෘත කිරීමට සෞඛ්‍ය අමාත්‍යවරියගෙන් අනුමැතිය

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
දැන් දඩේ ගෙවන්නත් ලේසි කරලයි තියෙන්නේ

දැන් දඩේ ගෙවන්නත් ලේසි කරලයි තියෙන්නේ

1 July 2025
මන්ත්‍රී ජගත් විතානගේ හෝටලයේ රහස් සාකච්ඡා (video)

මන්ත්‍රී ජගත් විතානගේ හෝටලයේ රහස් සාකච්ඡා (video)

1 July 2025
සේවකයන්ගේ ශ්‍රමය සූරා අති සුඛෝපභෝගී ජීවිත ගෙවන ජෙෆ් බේසෝස්ගේ මඟුල

සේවකයන්ගේ ශ්‍රමය සූරා අති සුඛෝපභෝගී ජීවිත ගෙවන ජෙෆ් බේසෝස්ගේ මඟුල

1 July 2025
ප්‍රමිතියට දෙන්න බැරි නම් වෙන රස්සාවක් හොයාගන්න (video)

ප්‍රමිතියට දෙන්න බැරි නම් වෙන රස්සාවක් හොයාගන්න (video)

1 July 2025

Recent News

දැන් දඩේ ගෙවන්නත් ලේසි කරලයි තියෙන්නේ

දැන් දඩේ ගෙවන්නත් ලේසි කරලයි තියෙන්නේ

1 July 2025
මන්ත්‍රී ජගත් විතානගේ හෝටලයේ රහස් සාකච්ඡා (video)

මන්ත්‍රී ජගත් විතානගේ හෝටලයේ රහස් සාකච්ඡා (video)

1 July 2025
සේවකයන්ගේ ශ්‍රමය සූරා අති සුඛෝපභෝගී ජීවිත ගෙවන ජෙෆ් බේසෝස්ගේ මඟුල

සේවකයන්ගේ ශ්‍රමය සූරා අති සුඛෝපභෝගී ජීවිත ගෙවන ජෙෆ් බේසෝස්ගේ මඟුල

1 July 2025
ප්‍රමිතියට දෙන්න බැරි නම් වෙන රස්සාවක් හොයාගන්න (video)

ප්‍රමිතියට දෙන්න බැරි නම් වෙන රස්සාවක් හොයාගන්න (video)

1 July 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

දැන් දඩේ ගෙවන්නත් ලේසි කරලයි තියෙන්නේ

දැන් දඩේ ගෙවන්නත් ලේසි කරලයි තියෙන්නේ

1 July 2025
මන්ත්‍රී ජගත් විතානගේ හෝටලයේ රහස් සාකච්ඡා (video)

මන්ත්‍රී ජගත් විතානගේ හෝටලයේ රහස් සාකච්ඡා (video)

1 July 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved