27 April 2024
#දේශීය

පාසල් විවෘත කිරීම ගැන ඇමති කියයි !

කොරෝනා වෛරස ව්‍යාප්තිය හේතුවෙන් වසා දමන ලද පාසල් නැවත විවෘත කරන්නේ සෞඛ්‍ය අංශ සහ කොරෝනා මර්දන බළකායේ උපදෙස් හා නිර්දේශ මත බව අධ්‍යාපන ඇමැති ඩලස් අලහප්පෙරුම මහතා සඳහන් කළේය.

මාතර ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔහු මේ බව පැවසීය.

මැයි 11 වැනි දින පාසැල් විවෘත කිරීමට කලින් තීරණය කර තිබුණ ද ඒ ගැන නිශ්චිතවම කිව හැක්කේ අදාල උපදෙස් මත පමණක් යැයිද ඔහු පැවසීය.

පාසැල් විවෘත කිරීම ගැන දේශපාලන උපදෙස් මත තමන් තීරණය නොගන්නා බවද අමාත්‍යවරයා  කියා සිටියේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *