දිවයිනේ පවතින සියළුම පොල් ඉඩම් වර්ෂ 1971 අංක 46 දරණ පොල් සංවර්ධන පනත යටතේ ලියාපදිංචි කිරීම අනිවාර්ය කර ඇති බව පොල් වගා කිරීමේ මණ්ඩලය පවසයි.
එම මණ්ඩලය පැවසුවේ ඒ අනුව මින් ඉදිරියට පොල් වගා කිරීමේ මණ්ඩලය මගින් ක්‍රියාත්මක කරනු ලබන ව්‍යාපෘති සේවා සහ අනෙකුත් සහනාධාර වැඩසටහන් සඳහා පොල් වගා කිරීමේ මණ්ඩලය යටතේ ලියාපදිංචි වු පොල් ඉඩම් පමණක් සුදුසුකම් ලබනු ඇති බවයි.
එසේම දිවයිනේ පවතින පොල් ඉඩම් පිළිබඳ නිවැරදි දත්ත තබා ගැනීම, ඉදිරි සංවර්ධන සැලසුම් සකස් කිරීම, පොල් ඉඩම්වල ඵලදායීතාවය නිවැරදිව අධික්ෂණය කිරීම සහ පොල් ඉඩම් සංරක්ෂණය කිරීම යන අරමුණු මෙම තීරණය ගෙන ඇති බව පොල් වගා කිරීමේ මණ්ඩලය පවසයි.
මේ සම්බන්දයෙන් වැඩිදුර තොරතුරු ප්‍රාදේශිය පොල් සංවර්ධන නිලධාරින් මගීන් සහ පොල් වගා කිරීමේ මණ්ඩලයේ තොරතුරු ඒකකය ඇමතීමෙන් ලබා ගත හැකිය.